ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සමායෝජක හිමියන්ට පෙට්රල් ගසා ගිනි තැබීමට තැත් කළ දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරයකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සමායෝජක ලෙස සේවය කරන පදියතලාවේ ජිනරතන හිමියන් සිටින කාර්යාලයට ඊයේ (30දා) උදෑසන 8.45ට පමණ පැමිණි මහවෙල ශ්‍රී සුමංගල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ජී.ඩබ්ලිව්. අමරදාස මහතා පෙට්රල් බෝතල් දෙකක් සහ ලයිටර් එකක්ද රැගෙන පැමිණ ගිනි තැබීමට උත්සාහ කිරීමේදී කාර්යාලයේ නිලධාරීන් පොලිසියට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටද පෙට්රල් ගැසූ බව අම්බලන්තොට පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් පරීක්ෂක ඒ. සමරනායක මහතා පැවැසීය.

මේ අවස්ථාවේදී පෙට්රල් බෝතලය උදුරා ගැනීමට උත්සාහ දැරීමේදී අම්බලන්තොට පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ඒ. සමරනායක මහතා තුවාල ලබා ඇති අතර පෙට්රල් ඇස්වල ගොස් තිබීම නිසා වෛද්‍ය ප්‍රතිකාරද ලබා ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.


'මව්බිම'ට අදහස් දක්වමින් පදියතලාවේ ජිනරතන හිමියන් කියා සිටියේ මහජන දිනය වන ඊයේ (30දා) බදාදා දිනයේ මගේ කාර්යාලයට අමරදාස මහත්තයා පැමිණියා. ඔහුගේ අතේ බෝතල් දෙකක් තිබුණා. එම බෝතලයක් එකපාරටම මගේ ඇඟට සහ කාර්යාලය වටේට හැලුවා. ඒ අවස්ථාවේ මගේ කාර්යාලයේ සිටි අනෙක් නිලධාරීහු එළියට ගියා. කාර්යාලයේ අනෙක් අය ඇවිත් මෙය නතර කිරීමට උත්සාහ ගත්තා. ඒත් නතර කෙළේ නෑ. එවිටම පොලිසිය එතැනට ආවා.

පොලිසියටත් පෙට්රල් ගැහුවා. හොඳ වෙලාවට ලයිටරය පත්තු වුණේ නෑ. ලයිටරය පත්තු වුණානම් මහා විනාශයක් වෙනවා. අමරදාස මහත්තයා එක්ක මගේ පෞද්ගලික ගැටලුවකුත් නෑ. අම්බලන්තොට බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් තෝරා පත්කර ගැනීමේ ගැටලුවක් ඇති වුණා. එයට මා සම්බන්ධ බව කියනවා. මම හරියටම කාර්යාලයේ රාජකාරිය කරනවා. ප්‍රශ්නයක් තියෙනවානම් සාකච්ඡා කරලා විස¼දාගත යුතුයි. මෙවැනි දේ කිරීම ශාසනයටත් රාජ්‍ය සේවයටත් කරන මහා නිගාවක්.

සිද්ධිය වාර්තා කිරීමට අම්බලන්තොට පොලිස් ඒකකයට වෙත ගිය මාධ්‍යවේදීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි ලියනගේ මහතා සිද්ධිය වාර්තා නොකරන ලෙසටත් මේ සිද්ධියෙන් ප්‍රා.ලේ. කාර්යාලයට හොඳ නැති බවත් මෙය වාර්තා කළහොත් පසුව බලාගන්නවා යැයි තර්ජනය කළේය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්