ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මහනුවර - රන්දෙණිගල ප‍්‍රධාන මාර්ගයේ හාරගම ප‍්‍රදේශයේ අද (17) උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලේ මේ වනවිට ප‍්‍රතිකාර ලබන බවයි. බදුල්ලේ සිට කටුගස්තොට බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මහනුවර සිට හාරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු, පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනෙක්.


පොලිසිය සඳහන් කළේ බදුල්ල ප‍්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තකට ගොස් නැවත කටුගස්තොට බලා එමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කටුගස්තොට - ගොහාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. 








Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්