ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ හෝටලයක්‌ තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණාලයක්‌ වටලා සැකකරුවන් පස්‌ දෙනකු සමග මුදල් නෝට්‌ටු මුද්‍රණයට යොදා ගත් ස්‌කෑන් යන්ත්‍ර හා පරිගණකයක්‌ද දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු 15 ක්‌ද පෑලියගොඩ මූලස්‌ථාන පොලිසිය මගින් ඊයේ (12දා) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට පත් පස්‌ දෙනාගෙන් සිව් දෙනකු කැලණිය නුවර පාරේ පිහිටි සමාජ ශාලාවකට පැමිණ මත්පැන් පානය කර බිල ගෙවීම සඳහා රුපියල් දහසේ හොර නෝට්‌ටු 5 ක්‌ මුදල් අයකැමිවරියට දී ඇත. එම නෝට්‌ටු පිළිබඳව සැක සිතූ අයකැමිවරිය ඒ පිළිබඳව පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

පසුව එම මුද්‍රණාලය වටලා එහි තිබී මුද්‍රණය කරන ලද රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු 10 ක්‌, ස්‌කෑන් යන්ත්‍රයක්‌, ලේසර් ප්‍රින්ටරයක්‌ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්‌ මුද්‍රණ කඩදාසි හා පරිගණක උපාංග රැසක්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් විසින් මුද්‍රණය කරන ලද රුපියල් 280,000 ක්‌ වටිනා දහසේ නෝට්‌ටු 280 ක්‌ වෙළෙඳපොළට බෙදාහැර ඇතැයි පොලිසිය කියයි. එම මුදල් නෝට්‌ටු 5/50 889153, 5/47 103247 අංක යටතේ මුද්‍රණය කර ඇත.

.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්