ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන වහාම ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු යෑයි චැනල් 4 චිත්‍රපට අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ඊයේ (12 දා) දහවල් සමඟ කොළඹදී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වමින් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා හමුදාවට පමණක්‌ චැනල් 4 චිත්‍රපට මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීම සාධාරණදැයි විමසූ අවස්‌ථාවේදීය.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා ගැන පමණක්‌ විමර්ශනය කළ යුතු යෑයි තමා කියන්නේ නැතැයි ද ඔහු කීවේය.

ශ්‍රී ලංකාව පමණක්‌ නොව ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිදු කළ යුද අපරාධ ගැන ද විමර්ශනය කළ යුතු බව ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි තමාගේ න්‍යාය පත්‍රයක්‌ නැතැයි සඳහන් කළ මැක්‌රේ කොටි සංවිධානය යුද අපරාධ සිදු කළ බව පිළිගන්නා බව ද සඳහන් කළේය.



තමා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌ බවත් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ සිදුකළ යුද අපරාධ ගැන හෙළි කළ බවත් මැක්‌රේ පැවසීය.

මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ මැක්‌රේ සිය චැනල් 4 චිත්‍රපටවලට මුලින්ම දායක වූයේ ජර්මනියේ සිටින ඡේ. ඩී. එස්‌. නමැති මාධ්‍ය කණ්‌ඩායම බවත් ඔවුන් සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව යෑයි ද කීවේය.

ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායමේ පසුබිම තමා සෙව්වේ නැතැයි මැක්‌රේ පිළිගත්තේය.

යුද්ධයකදී සිවිල් වැසියන් ඝාතනය වීම වැරදි ක්‍රියාවක්‌ බවත් පැවසූ මැක්‌රේ ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එවන් දේ කළත් එය වැරැද්දක්‌ යෑයි පැවසීය.

"මට කොටින්ගේ කොන්ත්‍රාත්කරුවකු යෑයි චෝදනා කෙරෙනවා. එහෙත් මා මාධ්‍යවේදියෙක්‌. මගේ අරමුණ ගවේෂණාත්මක පුවත් සෙවීමයි" යෑයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීම ගැන නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ මැක්‌රේ ඉරාකයේ සිදු වූ යුද අපරාධ ගැන බ්‍රිතාන්‍ය හමුදාවට චෝදනා එල්ල වී ඇති බව ද කීවේය.

එක්‌සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 40,000 ක පිරිසක්‌ ද තමාට ලැබුණු වාර්තා අනුව 70,000 ක්‌ ද අතුරුදන්වී ඇති බව පැවසූ මැක්‌රේ අතුරුදන් වූවන් ගැන කිසිවක්‌ නොදන්නා බව කීය. ඒ ගැන සෙවීමට රජය ක්‍රියා කළ යුතු බව ද කීවේය.

අපි කවුරුත් දන්නෑ කීදෙනෙක්‌ අතුරුදන් වුණාද කියලා. ඒ නිසයි ඒ ගැන සෙවිය යුත්තේ යෑයි හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කොටි න්‍යායාචාර්යවරිය වූ ඇඩෙලා බාලසිංහම් හමුවීම ගැන නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ මැක්‌රේ තමා කිසි විටෙක ඇයව හමුවූයේ නැතැයි ද කීවේය.

ඇය කොටි සමඟ එක්‌ව ක්‍රියා කළ බව තමා දන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

තමාගේ ක්‍රියාදාමය කෙරේ ශ්‍රී ලංකාවේ ජනතාව තුළ වැරදි අවබෝධයක්‌ ඇති බව පැවසූ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති චෝදනා ගැන පමණක්‌ සෙවීම වැරදි බවත් කොටි කළ අපරාධ ගැන ද ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු බවත් කියා සිටියේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්