ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වැලිවේරිය හා ඒ අවට ගම්වල ජල ගැටලුව සම්බන්ධයෙන් ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ කර්මාන්තශාලාව සමග ගිවිසුමක්‌ ඇතිකර ගැනීමේ සිද්ධියෙන් පසුව සති කිහිපයක්‌ එම ප්‍රදේශය අතහැර ගොස්‌ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ඊයේ (21 දා) නැවත එම ප්‍රදේශයට වැඩම කළහ.

ඊයේ (21 දා) පෙරවරුවේ බැලුම්මහර මංසන්ධියේ සිට තනිවම රතුපස්‌වල මහජන ක්‍රීඩාංගණය වෙත පා ගමනින් වැඩම කළ සිරිධම්ම හිමියන්ට එම ක්‍රීඩාංගණය අසල රැස්‌ව සිටි සුළු පිරිසක්‌ විරෝධය පළ කළහ. එහෙත් ඔවුන් සිරිධම්ම හිමියන් සිටි ස්‌ථානය වෙත පැමිණියේ නැත. ක්‍රීඩාංගණය අසලට රැස්‌ව සිටි තවත් පිරිසක්‌ සිරිධම්ම හිමියන් සමග කතාබහක නිරතව සිටි අතර එහිදී උන්වහන්සේ මෙසේද කීහ.


"මේ ප්‍රදේශයේ ජනතාව තුළ විශාල කුතුහලයක්‌ තිබුණා, මම මෙම ගැටලුව මගහැර ගොස්‌ ඇතැයි කියලා. එය සම්පූර්ණ බොරුවක්‌. ජීවිත පරිත්‍යාගයෙන් මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූ මා එය අවසන් වන තුරු ජනතාව හැර යන්නේ නැහැ. අපි හැමෝම දැනගත යුතුයි ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි ක්‍රම කිහිපයක්‌ තිබෙන වග. මා කළේ එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමයි. එය මා තනිවම කළ දෙයක්‌ නොවෙයි. ගමේ තවත් පිරිසක්‌ මා සමග එම සාකච්ඡාවන්ට සහභාගි වුණා. එම එකඟතාවට මා අත්සන යෙදුවේ ඔවුන් සියලු දෙනාගේ අනුමැතිය ඇතිවයි. කෙසේ වෙතත් ජනතාව කියනවා නම් එම එකඟතාව පිළිගන්න බැහැ කියලා මමත් එම එකඟතාවෙන් ඉවත් වෙනවා. ජනතාව අකමැති විසඳුමකින් මේ ගැටලුව විසඳන්න බැහැ.

යම් යම් පිරිස්‌ කටකතා පතුරුවනවා මම වරප්‍රසාද ලබාගෙන සටන අතහැර ගියා කියලා. මේවා අමූලික බොරු.

මට විතරක්‌ නොවෙයි, බුදුන් වහන්සේටත් මෙවැනි අපවාදවලට මුහුණදීමට සිදුවුණා. කෙසේ වෙතත් ඉදිරියටත් මම ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර රතුපස්‌වල අවට ජනතාවට පිරිසිදු ජලය ලැබෙනතුරු සටන් කරනවා' යෑයිද උන්වහන්සේ කීහ.

රතුපස්‌වල මහජන ක්‍රීඩාංගණයේ සිට කුලී ත්‍රීරෝද රථයක නැග ගල්ලොළුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිs විහාරය වෙත සිරිධම්ම හිමියන් වැඩම කළ අවස්‌ථාවේදී උන්වහන්සේ වටා රොක්‌ වූ එම විහාරස්‌ථානයේ වැඩවසන සාමණේර හිමිවරු සිරිධම්ම හිමියන්ගේ දෙපා වැඳ උන්නාන්සේ වන්දනා කළහ. එහිදී සිරිධම්ම හිමියන් මහත් හැඟීම්බරව උන් වහන්සේලාගේ හිස පිරිමදිමින් "පොඩි හාමුදුරුවනේ අද ඉඳලා අපිට ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙයි. අපිට දානය වළඳින්නේ නැතිවත් ඉන්න වෙයි. ඔබ වහන්සේලා ඒ සෑම අභියෝගයකටම මුහුණ දෙන්න සූදානම් වන්න" යෑයි කීහ. 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්