තමන් හිරගෙදර නොව එල්ලුම් ගහට නියම වුවත් මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකුගෙන් සෘජුව හෝ වක්‍රව සමාව නොඉල්ලන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
තමා පමණක් නොව තම නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා එසේ සමාව නොඉල්ලනු ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.
ඉකුත්දා මාතරදී රනිල් විරෝධී හා රනිල් හිතවාදී දෙපිරිස අතර ඇති වූ ගැටුමේදී තුවාල ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ සුවදුක් බැලීමට ගාල්ල බටදූව නිවසට අද (20) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
පත්තරවල පළ වන තොරතුරු සත්‍යය නම්, කවරෙකු හෝ ඉදිරිපත් වී තමාට ඇප ලබා දුන්නේ නම් ඉන් පැහැදිළි වන්නේ කාට හරි කතා කර මහින්ද රාජපක්ෂගේ උවමනාවට අනූව උසාවියේ හා පොලීසියේ තීන්දු වෙනස් කළ හැකි බව යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
ඒ අනූව කිව හැක්කේ මේ රටේ නීතිය බල්ලාට ගොස් ඇති බව යැයි මන්ත්‍රීවරයා පැවසීය.
දිගින් දිගටම අප හෙළදරව් කරන සත්‍යය එය බවද ඔහු කීවේය.
අද වන විට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවය රාජපක්ෂ පවුලේ ඕනෑ එපා කම් ඉටුකරන වහල් සේවයක් බවට පත්ව ඇති බවද මංගල සමරවීර මහතා පැවසීය.
මාතර දිස්ත්‍රීක්කය තුළ එජාප දඩයම දිගටම සිදුවන බවත් මේ වන විටත් ප්‍රබල පාක්ෂිකයින් 45ට ආසන්න සංඛ්‍යාවක් රිමාන්ඩ් භාරයේ සිටින බවත් හෙතෙම කීවේය.
ගැටුමේදී පොලු මුගුරු රැගත් දෙන්නෙකු හැර ඒවායෙන් පහරදුන් ප්‍රතිවාදී මැරවරයින් දෙන්නෙකුට වඩා මාතර පොලීසියට අත්අඩංගුවට ගැනීමට හැකි වී නැතැයිද ඔහු පැවසීය.
එජාපයේ උප සභාපති ජාලිය ජයවර්ධනට වටකර ගෙන පහරදුන් මැරවරයින්ගේ ඡායා රූප හා වීඩියෝ දර්ශන පොලීසියට දී තිබුණත් මාතර පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බවට හෙතෙම චෝදනා කළේය.
ලංකාවේ නීතිය කෙතරම් පිරිහිලාද යයි කිවහොත් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරිසන් ලෙස ගුටි කෑ එජාපයේ උප සභාපතිවරයා හා ඔහුව බිම වැටී සිටින විට ගිලන් රථයක් ගෙන්වා රෝහලට ගෙන යාමට කටයුතු කළ සුනිල් නැමැති පුද්ගලයෙකු පමණක් බවත් හෙතෙම පැවසීය.
පස් දෙනෙකුට වෙඩි තබා පොලීසියට ගිය හර්මන් ගුණරත්න නැමැති ත්‍රස්තවාදයට පොලීසිය සැලකූ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අප සතුව ඇති බවද මන්ත්‍රීවරයා කීවේය.
සිය පාර්ශවයෙන් භාරවීමට සිටින අය අද හෝ හෙට භාරවන බවද ඒ ගැන සැකයක් නැති බවද හෙතෙම කියා සිටියේය.
මාතර පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට හා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.
මෙම දඩයම ඉතාමත් නිර්ලජ්ජිතව මෙහෙය වූ අදාළ මාධ්‍ය ආයතනයට එරෙහිව උසාවි යන බවද මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.