ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තම කුල ගෝත්‍ර නීතිවලට පටහැනිව එම කුලයේ තරුණයකු සමග පැනයැමේ වරදට තරුණියගේ නෑදෑයන් විසින් තරුණියට මැරෙන තුරු පහරදී තරුණයාගේ ගෙල සිඳ මැරීමේ ශෝකජනක සිද්ධියක්‌ ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මෙම තරුණ යුවළ මෙසේ මරාදමන ලද්දේ කිසිම අනතුරක්‌ හෝ හිරිහැරයක්‌ නොකරන බවට මාපියන් පොරොන්දු වීමෙන් පසුව එම යුවළ ආපසු නිවෙස්‌ කරා පැමිණි අවස්‌ථාවේදී අවට සිටි අසල්වාසීන් බලා සිටියදීය.

තරුණියගේ පියා, මාමා සහ තවත් දෙදෙනකු මේ සම්බන්ධයෙන් මිනීමැරීමේ චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැණිනි.

මෙම මරණවලින් කැපී පෙනෙන සිද්ධියක්‌ වන්නේ කුල ගෞරවය රැකීම සඳහා සිදු කරනු ලබන මිනීමැරුම් පරිමාණය ය. කුලයට අගෞරව වන පරිදි පෙම් සබඳතා ගොඩ නඟාගෙන මෙසේ විවාහ වන දහසක්‌ පමණ දෙනාටත් වැඩි ප්‍රමාණයක්‌ වාර්ෂිකව මරා දමනු ලැබේ.


හඊයානාවේ රෝටක්‌ නමැති ගම්මානයේ පදිංචි තොරතුරු සැපයීමේ තාක්‍ෂණය හදාරන 23 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ දර්මන්දර් බැරක්‌ සමග ඔහුගේ පෙම්වතිය වූ කලා ශිෂ්‍යාවක්‌ වන 20 හැවිරිදි නිධි නමැත්තිය යුග දිවිය සඳහා එහි සිට සැතපුම් හතළිහක්‌ ඈතින් පිහිටි දිල්ලි නගරයට පලාගියේ ඔවුන්ගේ ජීවිතවලට ආරක්‌ෂාව සලසා ගැනීම සඳහා ය.

ඉන්දියාවේ අගනුවර වූ දිල්ලියේ දින කිහිපයක්‌ ගතකළ ඔවුන්ට පණිවුඩයක්‌ එවා තිබුණි. නිධිගේ දෙමාපියන් විසින් එවා තිබූ එහි සඳහන් වූයේ ඔවුන්ව බාර ගැනීමට කැමැති බැවින් ඔවුන්ගේ දෙමාපියන් පදිංචි ගමට යළි පැමිණෙන ලෙසය. මෙම යුවළට පූර්ණ රැකවරණය හා ආරක්‌ෂාව සැලසීමට පොරොන්දු වන බැවින් ඒ සඳහා බිය නොවිය යුතු බවය.

මෙම තරුණයා සහ තරුණිය එකම ගෝත්‍රයට අයත් වූ අතර ඔවුන්ගේ දෙමාපියන් විසින් මෙවැනි දෙදෙනකු අතර සිදුවන අන්තර් විවාහය සැලකුවේ ව්‍යාභිචාරය නමිනි. මෙය සවිස්‌තරව සඳහන් කළහොත් කිට්‌ටු නෑයෙකු සමග අඹු සැමියන් ලෙස හැසිරීමය. මෙය වරදක්‌ බව දෙමාපියන් විසින් සලකන ලදී, ලේ නෑයන් නොවන අවස්‌ථාවක පවා මෙසේ හැසිරීම වරදක්‌ බවද තම ගෝත්‍රයට නිගරුවක්‌ බවද ඔවුන්ගේ පිළිගැනීමය.

ඛාප් පංචයන් නමැති මෙම ගෝත්‍රයේ වැඩිහිටියන්ගෙන් සැදුම්ලත් ප්‍රාදේශීය (අධිකරණ) සභාවලින් නියෝග කර ඇත්තේ මෙවැනි වැරැදි සිදුකර පලායන ජෝඩු මරා දමන ලෙසය. එසේම මෙම සභාවලින් රජයෙන්ද ඉල්ලා ඇත්තේ මේ අන්දමින් ගෝත්‍රික වැරැදි කරන අයට පමුණුවන මරණීය දඬුවම සඳහා රජයේ සහයෝගයද ලබාදෙන ලෙසය. ඔවුන් පවසන්නේ එය ගෝත්‍රික ගෞරවය රැකගැනීම සඳහා පනවන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමක්‌ පමණක්‌ වන බවය. එය ගෞරවනීය මිනීමැරුමක්‌ බවය.

ආපසු පැමිණීමට කිසිම බියක්‌ සැකක්‌ ඇති කරගත යුතු නොවන බවද ආරක්‌ෂාව සහතික වන බවද පොරොන්දු බැවින් තරුණිය (නිධි) තම සැමියාවූ බැරැක්‌ ද සමග ඉතා සතුටින් තම දෙමාපියන් හමුවීමට පැමිණියහ.

නව යුවළ නිවසට පැමිණි සුළු වේලාවකට පසුව එක්‌වරම ඔවුන් වෙත කඩා පැන තරුණිය අල්ලාගත් ඇගේ පියා ප්‍රමුඛ කිහිපදෙනකු ඇයට මැරෙන තුරු පහර දුන්හ. අසල්වාසී පිරිසක්‌ එක්‌රැස්‌ වී මෙම සිද්ධිය බලා සිටියහ.

පොලිසිය පැවසූයේ අසල්වාසීන්ගෙන් කිසිම අයෙකු හෝ ඇයව බේරා ගැනීමට ඉදිරිපත් නොවූ බවය. පසුව ඇයගේ මළසිරුර පිට්‌ටනියක වළලා දමනු ලැබීය.
පසුව ඇයගේ සැමියා වූ දර්මේන්ධර් අල්ලාගත් ඔවුන් ඔහුටද බරපතළ ලෙස පහරදී අත්පා කඩා දැමූහ. ඉන්පසුව ඔහුගේ හිස කඳින් වෙන්කොට ඔහුගේ සිරුර ඔහුගේ ගමේ පිහිටි ඔහුගේ නිවසට පිටින් දමා යනු ලැබීය.

මෙම යුවළගේ දෙමාපියන්ද එම ගමේම ධනවත් ඉඩම් හිමියන්ය.
"දැනට මේ සම්බන්ධයෙන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවදුරටත් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා. අඩක්‌ පුළුස්‌සා දමන ලද තරුණියගේ සිරුර අපි සොයාගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යවා තියෙනවා. මූලික පරීක්‍ෂණවලින් හෙළිවූයේ මෙය කල්ඇතිව සැලසුම් කරන ලද මිනීමැරුමක්‌ බවයි" යෑයි රොටැක්‌ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌ අධිකාරී අනිල් කුමාර් පැවසීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්