ගල්ගමුව නාන්නේරිය අක්කරවත්ත ප‍්‍රදේශයේ වයස අවු 3යි මාස 04 ක පමණ කුඩා දරුවකු තම නිවසෙහි තිබූ රූපවාහිනී යන්ත‍්‍රය ඇඟ මත වැටී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එච්.එම් ප‍්‍රමෝද් අකලංක දරුවා බව අප වාර්තාකරු කීවේය.
තම නිවසෙහි සාලයෙහි යකඩින් නිමවන ලද රූපවාහිනි රඳවන මේසයෙහි මත තබා තිබූ රූපවාහිනි යන්ත‍්‍රය ඇඟ මත වැටී මෙම අනතුර සිදුව ඇත.
ඊයේ සවස 6.00 ට පමණ සිදුව ඇති මෙම අනතුරින් පසුව දරුවා නාන්නේරිය රජයේ රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී නාමල් නරේන්ද්‍ර මහතා පැවසූ බව අප වාර්තාකරු කීවේය.
තම පුතණුවන් වියෝවූ ශෝකයෙන් ප‍්‍රමෝද් අකලංකගේ මව දැඩි කම්පාවට පත්ව ඇති අතර ඇය ඊයේ සිහි විකල්ව තම දරුවා ඉල්ලා හඬමින් සිටියාය.
ඇගේ මව වන සෝමාවතී (62) මෙසේද පැවසීය.
“මම කුස්සියේ හිටියේ. දුවත් හිටියා. දුව පොඩිදරුවාට කිරි දීදී හිටියේ. පුංචි පුතත් කුස්සියේ ඉඳලා සාලෙට දුවගෙන ආවා. එතකොටම ඇහුණා දඩෝංගාලා සද්දයක්. පුංචි පුතා ටීවී එකට යටවෙලා හිටියේ පස්සේ නාන්නේරිය ඉස්පිරිතාලෙට අරගෙන ගියා. පුංචි පුතාගේ තාත්තාට දැන් අපි කොහොමද කියන්නේ. පුංචි පුතා අපිව දාලා ගියා කියලා” යැයි ඕ පැවැසීය මිය ගිය දරුවාගේ මෘත දේහය ඊයේ රාත‍්‍රී ගල්ගමුව නාන්නේරිය රජයේ රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා තිබූණි..............................................