දැඩි නියං තත්වය හමාර කරමින් අනුරාධපුර ප‍්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව සමග හිදෝගම 10 ඇල ප‍්‍රදේශයේ නිවාස කිහිපයකට අහසින් මසුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ඇදවැටී ඇත. හිදෝගම 10 ඇල ප‍්‍රදේශයේ පදිංචි බන්දුල සෙනවිරත්න මහතාගේ නිවසේ පිටුපසින් ගලා ගිය කුඩා ජල පහරේ කුඩා මාලූ සිටින අයුරු දැක තමන් වත්ත පරීක්‍ෂාවට ලක් කර බලද්දී අගල් 4ක් පමණ දිග මාළු පැටවු 400ක් පමණ වැටී සිටි බවත් උන් රන් පැහැයෙන් යුක්ත බවත් මාලූන්ගේ මුඛය ආසන්නයේ අගල් දෙකක් පමණ දිග කෙන්දක් තිබු බවද ඔහු පැවසීය.


