පාසල් භූමියක වැටී තිබු සිසුවියකට අයිති රන් පෙන්ඩනයක් අහුලාගෙන එය බැංකුවකට උකස්කර මුදල් ලබාගත් ගුරුවරියක් පිළිබඳ පුවතක් ඊයේ කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලකින් වාර්තා විය.
සිද්ධිය මෙසේයග එම විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගනුම ලබන ශිෂ්‍යාවක් ඊට පෙර දිනයේ උත්සවයකට සහභාගි වී ඇය පැළද සිටි රන් මාලය සහ පෙන්ඩනය ගලවා නිවසේ තබා ඒමට අමතක වී ඇත. ඒ අනුව ශිෂ්‍යාව පසුදින පාසලට පැමිණ පසු පැළද සිටි රන් මාලයේ කොක්ක ගැලවී පෙන්ඩනය පාසල් භූමියේ වැටී ඇත.
එම සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරියගේ දියණියත් මෙම විද්‍යාලයේම ඉගනුම ලබන්නී ය. වැටී තිබු රන් පෙන්ඩනය වෙනත් ශිෂ්‍යාවක් අහුලා ගනිද්දී එය දුටු ගුරුවරියගේ දියණිය එය තමන්ගේ බව පවසා එය ඇය භාරයට ගෙන ඇත. ඉන් අනතුරුව පවුම් කාලක් පමණ වු රන් පෙන්ඩනය ඇගේ මව වු සිද්ධියට අදාළ ගුරුවරියට භාරදී ඇත. ගුරුවරිය විසින් එම පෙන්ඩනය බැංකුවකට රැගෙන ගොස් රුපියල් 10500කට උකස් කර මුදල් ලබා ගෙන ඇත.
පෙන්ඩනය අයිති සිසුවිය ගුරුවරුන්ට හා මාපියන්ට මේ බව සැළකර තිබේ. සෙසු ගුරුවරුන් අයිති සිසුවියටම පෙන්ඩනය ලබාදෙන ලෙසට සැකකාර ගුරුවරියට පවසා ඇතත් ඇය එය යළි දී නැත. දෙපාර්ශ්වයම කැඳවු පොලිසිය ප‍්‍රශ්න කිරීමෙන් පසු පෙන්ඩනය උකසින් බේරාදීමට ගුරුවරිය කැමැත්ත පළ කිරීමෙන් පසු සමථයකට පත්කර ඇත.