සංචාරක කර්මාන්තයට සමගාමීව ලංකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම සඳහා ගබ්සාව සහ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි නිදහස් වේදිකාවේ සම කැඳවුම්කාරිනී සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්‍ෂිකා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කියන්නීය.
මේ යන ප්‍රවණතාව අනුව සංචාරක කර්මාන්තය හැඳින්විය යුත්තේ විවේකී සංස්කෘතිය වශයෙන් බවත් එසේ හැඳින්විය යුත්තේ සංචාරකයන් පැමිණෙන්නේ විවේක සුවය විඳීම සඳහා නිසා බවත් විවේකී සංස්කෘතියේ අනෙක් පැතිකඩ ලිංගික හැසිරීම බවත් එහිදී කාන්තාවන්ට විවේකී සංස්කෘතියේදී විවිධ සිද්ධිවලට හෙවත් ලිංගික සේවයට අනුගත වීමට සිදුවන බවත් කී නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මේ තත්ත්වයට මුහුණදෙන කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පතා ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීතිගත කළ යුතු බව අවධාරණය කළාය.
