ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බේරුවල බැංකුවකට ඊයෙත් එකක් ඇවිත්
රුපියල් ලක්ෂ 70 ක ව්‍යාජ  මුදල් 2000  නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට  ගැනුණු දිමුතු නුවන් කුමාර නමැති උපකාරක පංති ගුරුවරයා විසින් බෙදා හරින  ලද ව්‍යාජ  2000 නෝට්ටු රටපුරා බැංකු වලටද විටෙන් විට ලැබි තිබෙන බව අනාවරණය වී ඇත. එසේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට විටෙන් විට ලැබි තිබුණු එම නෝට්ටු 301 ක් මේ වන විට අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට ලැබි තිබෙන බවත් බේරුවල පිහිටි  පෞද්ගලික  බැංකුවකටද ඊයේ (29)එක් නෝට්ටුවක් ලැබි තිබෙන බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.
ව්‍යාපාරිකයෙකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන පැමිණි  රුපියල් ලක්ෂ 05ක මුදල් නෝට්ටු  තොගයක් අතර එම දෙදහසේ ව්‍යාජ නෝට්ටුව තිබි හමු වී ඇත.
මෙම පුද්ගලයා මාස ගණනාවක් තිස්සේ රුපියල් 2000 නෝට්ටු  මුද්‍රණය කර රටපුරා බෙදාහැර  ඇති බැවින් එම ව්‍යාජ නෝට්ටු  මහජනතාව අතර තවදුරටත් සංසරණය වන බව  ‍පොලීසිය සැක කරයි. එබැවින් නෝට්ටු භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස්   අධිකාරී නීතිඥ  අජිත් රෝහන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

මෙවර ව්‍යාජ 2000 නෝට්ටු සමග අත්අඩංගුවට ගත් දිමුතු නුවන් කුමාර සහ ඔහුගේ  ගෝලයෙක් වන ඇලන් ප්‍රේම ප්‍රදීප් පල්ගමුගේ යන දෙදෙනාව පෙරේදා (28) කඩුවෙල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. අනුර සේනාරත්න නැමැති තවත්   සැකකරුවෙකු ඊයේ (29)  සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්