ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


කාන්තාවන්ට නිරුවත පෙන්වූ පුද්ගලයකු තිරප්පනය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමට යෑමේදී වස පානය කිරීම හේතුවෙන් රෝගාතුර වී ප්‍රතිකාර සඳහා පෙරේදා (28දා) මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
තිරප්පනය වෙට්ටම්කුලම හි‍ෙදා්ගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වස පානය කළ බව පොලිසිය පවසයි. මෙම සැකකරු 50 හැවිරිදි තිදරු පියකු වන අතර ඔහුගේ දරුවන් විවාහ වී සිටින බවද පොලිසිය පවසයි.


සැකකරු ඔහුගේ නිවෙසට යාබද නිවෙසේ පදිංචි තරුණ විවාහක කාන්තාවට නිරුවත පෙන්වීම පුරුද්දක් කරගෙන ඇති බව කියන පොලිසිය ඔහු ස්නානය කරන විටදීත් අසල්වැසි කාන්තාවට පෙනෙන ලෙස නිරුවතින් සිටින බව කීය. මෙම පුද්ගලයා අශෝභන ලෙස හැසිරීම නිසා එම කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇති අතර 27 වැනිදා රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවෙසට ගිය අවස්ථාවේ කෘමි නාශක බෝතලයක් රැගෙන පානය කිරීමට සැරසෙද්දී පොලිස් නිලධාරීන් වහාම එය උදුරා ගැනීමට උත්සාහ දරා තිබේ. ඒ අවස්ථාවේ සැකකරුගේ මුහුණේ සහ සිය සිරුර පුරා කෘමි නාශක විසිරීම් නිසා කෘමි නාශක ශරීරගත වූවේ දැයි ඇති වූ සැක මත ඔහුව මරදන්කඩවල රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

පසුව එම රෝහලින් සැකකරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. සැකකරු අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්