1500 කට අධික පිරිසක් සමඟ 1912 වසරේ අත්ලන්තික් සයුරේ ගිලූණු ටයිටැනික් නෞකාවේ වාදක මණ්ඩල ප‍්‍රධානියා විසින් වාදනය කළ වයලීනය ලන්ඩනයේදී ඊයේ (19) ස්ටර්ලින් පවුම් නව ලක්ෂයකට වෙන්දේසි වුණා. ඩොලර් මිලියන 1.5 කට ආසන්න එම මුදල අතීත ස්මාරක වෙන්දේසි සඳහා නව ලෝක වාර්තාවක් ලෙසයි සැලකෙන්නේ. ටයිටැනික් නෞකාව සයුරේ ගිලෙද්දී මඟීන් සැනසීමට වොලස් හාට්ලි ඇතුළු සංගීතවේදීන් වාදනය කළේ ඇතමුන් ජීවිතාරක්ෂක බෝට්ටුවලට නගිද්දීයි. හාට්ලි මෙම වයලීනය තුරුළු කරගෙන සාගර පත්ලේ ගිලූණු අතර, පසුකාලීනව එය ගොඩගනු ලැබුවා. නෞකාව ගිලෙද්දී අඛණ්ඩව වාදනයන්හි නිරත වූ හාට්ලි ඇතුළු ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් 07 දෙනාද ජීවිතක්ෂයට පත්වුණා.
