වයස අවුරුදු හතරක දියණියක හා වයස අවුරුදු හතක
පුතකු මහ මඟ දමා ගිය තාත්තා කෙනකු 18 වැනි සිකුරාදා සැකපිට අත්අඩංගුවට ගත්
බව උෟරගස්මංහන්දිය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය දැනට
වසර දෙකකට පෙර මැද පෙරදිග රටක සේවයට ගොස් ඇත. තදින් මත්පැන් පානයට පුරුදු
වී සිටි මේ පුද්ගලයා ඉකුත් 15 වැනි අඟහරුවාදා ත්‍රිරෝද රථයක දරුවන් දෙදෙනා
නංවාගෙන උෟරගස්මංහන්දිය වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේදී දරුවන් දෙදෙනා මහ මඟ දමා
ආපසු පැමිණ ඇත.
පසුව අසල්වාසීන් විසින් දරුවන් දෙදෙනා පොලිසියට භාර දුන් පසුව දරුවන්ගේ අත්තම්මා විසින් දරුවන් දෙදෙනා භාරගත් බව පොලිසිය පවසයි.
පසුව අසල්වාසීන් විසින් දරුවන් දෙදෙනා පොලිසියට භාර දුන් පසුව දරුවන්ගේ අත්තම්මා විසින් දරුවන් දෙදෙනා භාරගත් බව පොලිසිය පවසයි.