ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අසනීපයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ ආයුර්වේද බෙහෙත් ශාලාවක් කරා යමින් සිටි පස් මස් ගැබිනි තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කළ බව පැවැසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

18 වැනි වියේ පසුවන බව පැවැසෙන මෙම පස් මස් ගැබිනි තරුණිය මහනුවර, සුදුහුම්පොළ පදිංචිකාරියක බව සඳහන් වන අතර මැය එම ප්‍රදේශයේම පිහිටි රජයේ බෙහෙත් ශාලාවක් කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවාගෙන ගොස් යම්කිසි ස්ථානයකදී අතවර කළ බවත්, ඉන්පසුව මෙම පුද්ගලයාගෙන් මිදී ආ කාන්තාව මහනුවර පොලිසිය වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බවත් පැවැසේ.

සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පැවැසෙන අතර දූෂණයට ලක්වූ බව පැවැසෙන කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණ සඳහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කොට තිබේ. මධ්‍යම පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්