- පියා අධිකරණය හමුවේ වරද පිළිගනී
- ලිංගික අපයෝජන සිද්ධියකට ලබා දුන් දීර්ඝතම සිරදඬුවම
- ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමටත් නියෝග
- වන්දි මුදල් හා දඩ නොගෙවන්නේ නම් තවත් වසර 6ක් හිරේට
විත්තිකරුට නියම කළ සිර දඬුවමට අමතරව එක් දැරියකට රුපියල් දශලක්‍ෂය බැගින් රුපියල් ලක්‍ෂ 20ක වන්දි ගෙවන ලෙසත් රුපියල් 25000 බැගින් රුපියල් 50000ක දඩ මුදල් ගෙවන ලෙසද විනිසුරුවරිය විත්තිකරුට නියෝග කළාය.
එම වන්දි මුදල් සහ දඩ නොගෙවන්නේ නම් තවත් වසර හයක ලිහිල් සිරදඬුවමක් ද නියම කළාය.
විත්තිකරුට එරෙහිව එක් දියණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා 6ක් යටතේ විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි. එක් දියණියක් දූෂණය කිරීමේ චෝදනාවට වසර 60ක බරපතළ සිරදඬුවමකුත් අනෙක් දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වසර 60කුත් සිරදඬුවම් නියම කෙරුණි. විත්තිකරුට නියම කළ වන්දි සහ දඩ ගෙවීමට නොහැකි නිසා ඔහුට වසර 126 ක සිරදඬුවමක් නියම විය.
විත්තිකරු විසින් වර්ෂ 2011ජනවාරි 01 දා සිට 2011 දෙසැම්බර් 31 දක්වාත් 2011 පෙබරවාරි 12 සිට 2012 පෙබරවාරි 20 දක්වාත් කාලය තුළදී හොරොව්පොතාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටින බාලවයස්කාර අවුරුදු 16 ට අඩු සිය දියණියන් දෙදෙනා විටින් විට අපයෝජනයට ලක්කොට දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රයේ 364 (2) හා 365 අ(2) යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
සිද්ධියට සම්බන්ධ සැකකාර පියා 2012 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින හොරොව්පොතාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි. විත්තිකරු බීමතින් නිවසට පැමිණ අවස්ථා කිහිපයක් සිය දියණියන් දෙදෙනා දූෂණය කළ බවට දියණියන්ගේ මව විසින් හොරොව්පතාන පොලිසියට පැමිණිලි කර තිබූ අතර දරුවන්ට මේ අපරාධය සිදු නොකරන ලෙසට ඉල්ලා සිටිද්දි සැමියා විසින් තමන්ට පොලුවලින් සහ අතින් පයින් පහර දී අමානුෂික වධබන්ධනයන්ට ලක් කළ බවද ඇය පොලිසියට පවසා තිබිණි.
විත්තිකරු මේ සිද්ධියට අත්අඩංගුවට පත් වී බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටි අවස්ථාවේ දීත් දැරියන් දෙදෙනාට අතවර කර තිබුණි.
විත්තිකරුට සිරදඬුවම් නියම කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරිය පැමිණිලිකාර වින්දිත බාලවයස්කාර දැරියන් දෙදෙනාගෙන් තාත්තා ගෙදර ගෙනයෑමට අවශ්‍යදැයි විමසූ විට ඔවුන් දෙදෙනාම තාත්තා ගෙදර ගෙනයෑමට අවශ්‍ය නැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඉදිරියේ දී හොඳින් පාසල් වැඩකටයුතු සිදුකොට හොඳින් අධ්‍යාපනය ලබා මව හොඳින් රැකබලා ගන්නා ලෙසද විනිසුරුවරිය වින්දිත දැරියන් දෙදෙනාට අවවාද කරමින් කියා සිටි අතර දැරියන් දෙදෙනා දූෂණය කිරීමේ චෝදනාවට විත්තිකරුට අධිකරණයෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත් මේ දඬුවම වෙන් වෙන් වශයෙන් ගෙවි යන ලෙස නියම කළ බවද විවෘත අධිකරණය හමුවේ කියා සිටියාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ප්‍රියංගිකා ප්‍රනාන්දු මෙනවිය සමඟ හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපති පො.ප. සංජීව මහානායක මහතාගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂිකා සුමනාවතී මහත්මිය පෙනී සිටියහ. විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත්කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ති හෙට්ටි ආරච්චි මහත්මිය පෙනී සිටියාය..
