ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


දැනට සිරගත කර සිටින බව කියන සෙනගල් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරියට අයත් බව කියන කෝටි ගණනක ඇමරිකානු ඩොලර් රහසිගතව ශ්‍රී ලංකාවට රැගෙනවිත් අඩු වටිනාකමකට දෙන බව කියමින් ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් රැසක්‌ රවටා රුපියල් කෝටි ගණනක්‌ වංචා කළ බව කියන අප්‍රිකානු මහාද්වීපයේ "මාළු" රාජ්‍යයේ පදිංචිකරුවකු වන අශේන්සකු (43) නමැත්තා තමන් ඒඩ්ස්‌ රෝගියකු බව (ඒඩ්ස්‌ ආසාදිතයකු බව) ඔහු අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

රේගුවෙන් බේරීම සඳහා ඩොලර් නෝට්‌ටුවලට කළු පැහැයක්‌ ආලේප කළ බවත් විශේෂ රසායනික ද්‍රව්‍යයක්‌ යොදා නැවත එම ඩොලර් නෝට්‌ටු නියම පැහැ ගන්වා අඩු වටිනාකමකට ලබාදෙන බව හඟවමින් සංවිධානාත්මක වංචාවක්‌ සිදුකළ අවස්‌ථාවේදී මොහු මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොහු ඩොලර් 100 නෝට්‌ටු හා සමාන ප්‍රමාණයේ කළු කොළ රැසක්‌ කපා ඒවා මත කළු පැහැ ගැන්වූ නියම ඩොලර් 100 නෝට්‌ටු තබා පසුව එම නෝට්‌ටු මිටිය වතුරේ පොඟවා එහි කළු පැහැය වෙනස්‌ කර තිබේ.


කළු පැහැ ගැන්වූ නෝට්‌ටු සැබෑ නෝට්‌ටු බවට පත් කිරීම සඳහා තමා ළඟ ඇති විශේෂ රසායනික දියර අවසන්වූ නිසා එම රසායනික දියර ගෙන්වීමට ඩොලර් 2500 ක්‌ (රුපියල් ලක්‍ෂ 3 1/2) අවශ්‍ය බව පවසමින් කෝටිපතියන් රවටා මුදල් ලබා ගෙන ඇත. එම විශේෂ රසායනික දියරය ශ්‍රී ලංකාවට තැපෑලෙන් ලැබෙන තුරු තමා ලබාගත් රුපියල් ලක්‍ෂ 3 1/2 ට ඇප වශයෙන් ඩොලර් නෝට්‌ටු යෑයි කියන කළු පැහැති කොළ මිටි කෝටිපතියන් වෙත ඇපයට තබා මුදල් රැගෙන පළා යැම මොහු විසින් සිදුකර ඇත. මෙම නීග්‍රෝ ජාතිකයා තමා පිළිබඳ කෝටිපතින්ගේ විශ්වාසය වැඩි කිරීමට වංචා කළ කෝටිපතියන්ට හඳුන්වාදී ඇත්තේ තමා සිම්බාබ්වේ ජනාධිපති රොබට්‌ මුගාබේගේ ඥතියකු බවය. දැඩි ස්‌ත්‍රී ලෝලියකු වන මොහු ඇත්තම ඒඩ්ස්‌ රෝගියෙක්‌ද නැතිනම් ඔහු විසින් කළ වරදට දඬුවම්වලට යටත් නොවී ශ්‍රී ලංකාවෙන් පිටුවහල් වීමට ගත් ප්‍රයත්නයක්‌ දැයි පොලිසියට සැක පහළ කරයි. මේ වන විට සැකකරු මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතවී සිටී.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්