මහරගම පිහිටි නිවෙසකට රාත්‍රි කාලයේ නිරුවතින් ඇතුළු වී එහි සිටි තරුණ දියණියන් තිදෙනකුට ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය විසින් ඊයේ (24දා) රක්‍ෂිත බන්ධනාගාර ගත කළය.
මහරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 දින දක්වා එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සිංහපුර, හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පැතුම් ලක්‍ෂාන් කුමාර නමැත්තෙකි.
පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණ දියණියන් තිදෙනාගේ පියා මහරගම පොලිසිය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසන්නේ ඔහුත් ඔහුගේ බිරියත් තරුණ දියණිවරුන් තිදෙනාත් පසුගිය 22 දින රාත්‍රියේ නින්දට ගිය බවයි.
එසේ නිදා සිටින අවස්ථාවේදී රාත්‍රි 1.30ට පමණ දියණියන් තිදෙනා හා බිරිය කෑගසන ශබ්දයක් ඇසී ඔවුන් සිටි කාමරයට යන විට බීමත්ව නිරුවතින් සිටි පුද්ගලයකු කුස්සිය පැත්තෙන් පැන යෑමට උත්සාහ කළ විට ගම්වැසියන්ගේද සහාය ඇතිව ඔහු අල්ලා මහරගම පොලිසිය වෙත බාරදුන් බවද ඔහු සිය ප්‍රකාශයේ පවසා ඇත.
සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ සැකකරු දැනට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එහි ගිය වැඩබලන මහෙස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතාට සැකකරු පවසා ඇත්තේ තමන් මත්පැන් පානය කර පාරේ යන විට නිවෙසකට ඇතුළු වූ බවත් එම නිවෙස කාගේද කියා තමා නොදන්නා බවත්ය.