ඉත්තෑවකු දඩයම් කිරීම සඳහා කුඩා ගුලකට රිංගූ පුද්ගලයකු නැවත එම ගුලෙන් පිටතට ඒමට නොහැකිව ගුල තුළ සිරවී ඉකුත් (13) දින මියගොස් තිබේ. මියගොස් ඇත්තේ කහවත්ත පොලිස් බලප්‍රදේශයේ ඕපාත වතුයායේ පදිංචි එම්. කන්නා නමැති (43) හැවිරිදි පුද්ගලයෙකි. සතුන් දඩයම් කිරීම පුරුද්දක් කරගෙන ඇති මෙම තැනැත්තා ඒ සඳහා පුරුදු පුහුණු කරගත් සුනඛයන් දෙදෙනකුද සමග ඉකුත් 10 දින තම නිවසට කිලෝමීටර් 02ක් පමණ දුරින් පිහිටි වන ලැහැබක දඩයමේ ගොස් තිබේ. මෙහිදී ඉත්තෑවකුගේ ගුලක් දැක ඇති දඩයම්කරු සෙන්ටිමීටර් 40ක් පමණ පළලින් යුතු මෙම කුඩා ගුල තුළට ආයාසයෙන් රිංගා ඇත්තේ ඒ තුළ සිටින ඉත්තෑවුන් දඩයම් කිරීමටය. එහෙත් කොතෙක් උත්සාහ ගත්තද ඔහුට එම ගුලෙන් නැවත එළියට ඒමට නොහැකි වී හුස්ම හිරවීමෙන් මියගොස් තිබූ බව කහවත්ත පොලීසිය පවසයි.
දඩයමේ ගිය පුද්ගලයා නිවසට නොපැමිණීම පිළිබඳව ඔහුගේ නිවැසියන් කළබලයට පත්ව සෝදිසි කිරීමේදී දඩයක්කරු සමග දඩයමේ ගිය සුනඛයින් දෙදෙනාද යළි නිවසට පැමිණ බුරන්නට පටන්ගෙන ඇත. පසුව ගම්වැසියන් පිරිසක් මෙම සුනඛයින් දෙදෙනාද කැටුව පෙර කී වන ලැහැබ තුළ සෝදිසි කිරීමේදී සුනඛයින් දෙදෙනා ගිය මග ඔස්සේ ගොස් දඩයක්කරු ගුල තුළ සිරවී සිටි ස්ථානය සොයාගෙන තිබේ. මළසිරුර හමුවන අවස්ථාවේ එහි දෙපා පමණක් ඉත්තෑ ගුලෙන් පිටතට තිබූ අතර, ශරීරයේ සෙසු කොටස ගුහාව තුළ සිරවී තිබි ඇත. පසුව දඩයක්කරුගේ මළ සිරුර පොලීසිය විසින් පිටතට රැගෙන ඇති අතර, ගුල තුළ මියගිය ඉත්තෑවකුගේ සිරුරක් ද තිබි හමුවූ බව පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබඳව කහවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වයි.