ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ලිංගික අපචාර සිද්ධියකට සම්බන්ධයෙන්
ලිංගික අපචාර සිද්ධියක්‌ සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයෙන් අත්හිටුවූ සිරදඬුවමහ් ලැබ සිටි බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රත්නසිරි කළුපෙරුම නොහොත් බාවා නමැත්තාට කළුතර මහාධිකරණයේ පවරා තිබූ බාල වයස්‌කාර දරුවකුට අතවර කිරීමේ චෝදනාවට ඊයේ (23 වැනිදා) වරද පිළිගත් හෙයින් කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඔහුට වසර 7 ක බරපතළ සිරදඬුවමක්‌ ද රුපියල් 7500 ක දඩයක්‌ ද නියම කළේය.

ඊට අමතරව වින්දිත පුද්ගලයාට රු. ලක්‍ෂ 6 ක වන්දියක්‌ ගෙවන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා ඔහුට නියෝග කළේය.



2004 වසරේ ජුලි මස 25 වැනිදා කළුතර මහාධිකරණ බල ප්‍රදේශයේදී බාලවයස්‌කාර දරුවකුට අතවර කරන ලදැයි චෝදනා නගා නීතිපති විසින් චූදිතට එරෙහිව චෝදනා තුනක්‌ යටතේ නඩු පවරා තිබිණි.

ඊයේ පෙරවරුවේ මහාධිකරණයේ රැඳී සිටි සිවිල් පුද්ගලයන් ඉවත් කර මෙම නඩුව විභාගයට ගත් අතර චූදිත චෝදනා තුනටම වරද පිළිගත් හෙයින් එක්‌ එක්‌ චෝදනාවට වසර 7 බැගින් වසර 21 ක බරපතළ සිරදඬුවමක්‌ නියම කර එය වසර 7 කින් ගෙවී යන ලෙස නියම කළේය.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක සැහැල්ලු සිර දඬුවමක්‌ ද වන්දි මුදල නොගෙවන්නේ නම් වසර 3 ක සැහැල්ලු සිරදඬුවමක්‌ ද නියම කළේය.

රජයේ නීතිඥ ජයනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.

 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්