ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව වරද පිළිගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර තිබේ.

අදාළ ප්‍රහාරයේ දී ගසක් මත නැගී ත්‍රස්තවාදීන්ට සංඥා ලබාදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තිබුණි.

අදාළ නඩුව අද(24) විභාගයට ගත් අවස්ථාවේ දී සැකකාර හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා වරද පිළිගත් අතර ඔහුට වසර 05 ක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.


කෙසේවෙතත් සිද්ධියට අදාළව විත්තිකරුට එරෙහිව මිනී මැරීමට තැත්කිරීම හෝ මිනී මැරීමට ආධාර අනුබල දීම යන චෝදනා ගොණු කර නොතිබුණි.

2006 වසරේ ජුනි මස 13 වන දින කැබිතිගොල්ලෑව, යකාවැව ප්‍රදේශයේ දී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට එල්ල වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් තවත් 65 දෙනෙකු තුවාල ලැබුණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්