ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


රුපියල් හැත්තෑ ලක්‍ෂයක රුපියල් 2,000 හොර නෝට්ටු තොගයක් පෙරේදා (28දා) මාලඹෙන් සොයාගැනීමේ සිද්ධියේ රස්නය නිවී යන්නත් පෙර පූඬළුඔය ප්‍රදේශයෙන් රුපියල් 5,000ක හොර නෝට්ටුවක් එළියට පැමිණ තිබේ.

රුපියල් 5,000 නෝට්ටුව එළියට පැමිණ තිබෙන්නේ පූඬළුඔය මහජන බැංකු ශාඛාවට මුදල් තැන්පත් කිරීමට ගිය ව්‍යාපාරිකයකුගේ මුදල් අතර හොර නෝට්ටුවක් තිබී හසුවීමෙනි.

ඊයේ උදේ එම බැංකු ශාඛාවට පැමිණි ව්‍යාපාරිකයා රුපියල් 5,000 හොර නෝට්ටුව සමඟ පූඬළුඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය සමඟ පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබේ.

එම ව්‍යාජ මුදල් නෝට්ටු කොළඹ සිට එම ප්‍රදේශයට පැමිණි පුද්ගලයකුගෙන් එම ව්‍යාපාරිකයාට ලැබී ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය කියයි.
මීට පෙර අවස්ථා දෙකකදී රුපියල් 1000 සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු රැගෙන එම ප්‍රදේශයට පැමිණ ඇතැයි කියන කොළඹ ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයකු ඒවා පූඬළුඔය වෙළෙඳසල් කීපයකින් මාරුකිරීමට සූදානම් වෙද්දී හසුවීමෙන් පසු පලාගිය සිද්ධියක් සම්බන්ධයෙන්ද පොලිසියට තොරතුරු ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මේ රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටුවේ දිය සලකුණ නොමැති බවත් නෝට්ටුවල තිබෙන ආරක්‍ෂක ඉර පාට අඩුවක් ඇති අතර එම මුදල් නෝට්ටුවේ කඩදාසියද සිනිඳු බව පූඬළුඔය පොලිසිය සඳහන් කෙළේය.

විශාල මුදල් නෝට්ටු තොග අතරේ රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටුද තිබිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් මුදල් නෝට්ටු බැංකු ආයතන මඟින් පරීක්‍ෂා කරවාගන්නා ලෙසද පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පෙරේදා පූඬළුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියේ ව්‍යාජ මුදල් පිළිබඳ පරීක්‍ෂණ අංශයට භාරදීමට පූඬළුඔය පොලිසිය තීරණය කොට තිබේ.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්