
7 වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් ශ‍්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පැවැත්වීම කෙරෙහි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ 7 වන අයි.පී.එල්. තරගාවලිය ලබන වසරේ අපේ‍්‍රල් සහ මැයි අතර කාලයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ඉන්දීය මහ මැතිවරණය ද පැවැත්වීමට දැනට අපේක්ෂා කෙරෙන්නේ එම කාලයේදියි. මේ නිසා අයි.පී.එල්. තරගාවලියේ සහ මහමැතිවරණය අතර ගැටීමක් ඇතිවීම වැළැක්වීම සඳහායි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ. ඉන්දීය ලෝක් සභා මැතිවරණය හේතුවෙන් මීට පෙර 2009 වසරේ දී ද අයි.පී.එල්. තරගාවලිය දකුණු අප‍්‍රිකාවේ පැවැත්වුණා.