විදෙස් රැකියාවක් සඳහා ගොස් මැදපෙරදිගදී වද හිංසනයට ලක්වූ තවත් තරුණියක් මෙරටට පැමිණ තිබේ.
එම තරුණියගේ ප්‍රකාශයට අනුව ඇය විදෙස් ගතකර ඇත්තේ පවතින නීති ද උල්ලංඝනය කරමිනි.
අනුරාධපුර, සාලියවැව, කල්දේරාවත්ත ප්‍රදේශයේ පදිංචි එම තරුණිය විදෙස්ගතව තිබුණේ, පවුලේ පැවති අග හිඟකම් හේතුවෙනි.
රෝගයකින් පීඩා විඳ මියගිය මවට ප්‍රතිකාර කිරීම සඳහා නිවස ද විකුණා තිබු හෙයින් ඇය පදිංචිව සිටින්නේ කුලි නිවසකයි.
එම නිසා නිවසක් සාදා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කර ගනිමින් ඇය රැකියාව සඳහා මෙරටින් සෞදියට පිටව ගොස් තිබුණේ පසුගිය මස 14 වන දා ය.
හිංසනයට පත්වූ තරුණිය නිව්ස්ෆස්ට් සමග පැවසුවේ තමා සෞදියේ නිවසක සේවයේ යෙදවූ අතර එම නිවසට තමා රැගෙන ගිය පුද්ගලයා දින කිහිපයකට පමණ පසු අදාළ නිවසට පැමිණ තමන්ට පහර දුන් බව ය.
පසුව මෙම තරුණිය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති අතර එහිදී ද තවත් පුද්ගලයෙකු පහරදුන් බව ඇය කියා සිටියාය.
අදාළ තරුණිය පැවසුවේ පසුව තවත් ස්ථානයකට ඇය රැගෙන ගිය බව ය.
එම තරුණියගේ උප්පැන්න සහතිකයට අනුව සැබෑ නම වත්සලා සෙව්වන්දි වේ.
වර්ෂ 1995 අප්‍රේල් මස 01 වන දා ඇය උපත ලබා තිබේ.
නමුත් විදෙස් ගමන් බලපත්‍රයට ව්‍යාජ නමක් හා ව්‍යාජ උපන් දිනයක් යොදා සකසා තිබෙන අතර වත්සලා පවසන්නේ විදෙස් රැකියා නියෝජිත ආයතනය විසින් තමන්ට එය සකසා දුන් බව ය.
එම තරුණිය පසුගිය 06 වන දා යළි දිවයිනට පැමිණියාය.
ඒ පිළිබඳව අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රණ්දෙණිය මහතාගෙන් විමසීමක් කළේය.
ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බව ය.