නවසීලන්තයේදී ශ්‍රී ලාංකික තරුණයකු මරා දැමීම සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූ තවත් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකුට නවසීලන්ත මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඊයේ (6දා) නියම කළේය. මෙසේ ජීවිතාන්තය දක්වා සිරගත කෙරුණේ තුවාන් ප්‍රවේශ් සවාල් (24) හා මුදියන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් නමැති අයයි.
මොවුන් දෙදෙනා එක්ව 2012 පෙබරවාරි 23 වැනිදා උතුරු කැන්ටබරි හි විසූ සමීර මදුරංග මානික්ක බත්තලගේ (28) නමැත්තා උගුරු දණ්ඩ කපා ගිනි තබා මරා දමා තිබිණි.
විරාජ් අලහකෝන් නමැත්තා හඳුනන කාන්තාවක් හා සමීර මදුරංග සමීප සබඳතාවක් පැවැත්වීම නිසා උරණ වූ ඔහු තුවාන් ප්‍රවේශ් හා එක්ව සමීරව මරාදමන ලදයි අධිකරණයේදී හෙළිවිය.
ජීවිතාන්තය දක්වා සිරිගත කරන ලද විරාජ් අලහකෝන් මියගිය සමීර හා සබඳතාවක් පැවැත්වූයේ යැයි කියන කාන්තාවට පහරදී තුවාල සිදුකර ඇගේ දිගු කොණ්ඩය ද කපා දැමූ බව එම කාන්තාව අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි.මේ පිළිබඳ නඩු විභාගය ඉකුත් ජූලි මාසයේ සිට සති 3ක් පුරා විභාග විය.