නීති විරෝධී ලෙස පුද්ගලයන් එතෙර යැවීමේ මහා පරිමාණ මිනිස් ජාවාරමක යෙදී සිටින බවට සැකකරන ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ සේවය කරන ලුතිනන් කමාන්ඩර්වරයකු (විධායක) ඇතුළු විදෙස් නියෝජිතයන් 4 දෙනකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ. එම මිනිස් ජාවාරම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ෆෙඩරල් (AFP) පොලිසියේ ජේයෂ්ඨ උපදේශක පොලිස් අධිකාරි ක්‍රිෂ්ටෝපර් වූඩ් මහතාද ඊයේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ගොස් මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදී ඇත.
ඕස්ට්‍රේලියානු ජාතික පොලිස් නිලධාරියා ශ්‍රී ලංකාව, බංගලිදේශය සහ මාලදිවයින යන රටවලද නිරීක්ෂණ කටයුතුවල යෙදෙන නිලධාරියකු බව පොලිසිය කියයි.
මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එම නාවික හමුදා නිලධාරියා, නාවික හමුදාවට අයත් නෞකාවක සේවය කරන අයකු බවයි.
එම ලුතිනන් කමාන්ඩර්වරයා මෙකී මිනිස් ජාවාරමට අදාළව මෙතෙක් හෙළි වී ඇති තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදඳා මෙකී පොලිස් විමර්ශන අංශයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 22කි. එම සැකකරුවන් අතර ද නාවික හමුදා නැවියන් තිදෙනකු සිටින බව පොලිසිය පැවැසීය.
මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම පසුගිය සතියේ ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයට ගොස් එම නාවික හමුදා නිලධාරියා සමඟම ඊයේ අත්අඩංගුවට පත්වූ අනෙක් සැකකරුවන් තිදෙනා පොලිස් භාරයට ගෙන මාතර පොලිසියට ගෙනැවිත් තිබිණි.
යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් එතෙර යැවීම සඳහා එක් අයකුගෙන් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ලබාගන්නා අතර බෝට්ටුවට නඟින දිනයට රුපියල් ලක්ෂ අටක් පමණ ලබාගන්නා බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
06දා අත්අඩංගුවට ගනු ලැබූ මේ සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට, රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු යොදා තිබිණි.
දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මැකාර්ති පෙරේරා මහතාගේ සහ මාතර ජේයෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතා පරීක්ෂණ පවත්වයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු සඳහන් කෙළේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරියකු පොලිසිය භාරයට ගෙන ඇති බවයි. මොනයම් නාවික හමුදා නිලධාරියකු නීතිවිරෝධී ක්‍රියාවකට අසුවුවහොත් සිවිල් අධිකරණයෙන් ලබාදෙන දඬුවමට අමතරව එම පුද්ගලයන් නාවික හමුදා අධිකරණයට පමුණුවා දඬුවම් ලබාදෙන බවයි.