මෙලෙස මියගිය පුද්ගලයා ඉංගී්‍රසි ගුරුවරයකු මෙන්ම මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙසද කටයුතු කර තිබේ.
මීට පෙර දිනක මේ ශාන්තිකර්මය සිදුකිරීමට නියමිතව තිබී ඇතත් එය එදින සිදු කළේ නම් එම නිවැසියකු හෝ ශාන්තිකර්මය කරන පුද්ගලයා හෝ මියයැමට තිබූ බව හෙතෙම නිවැසියන්ට පවසා තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පදිංචිව සිටි ගමගේ මැක්‌ෂිම් කස්‌ත්‍රොa (32) නමැති දෙදරු පියෙකි.
පැලැන්වත්තේ පදිංචි ගුරුවරයකුගේ නිවසේ ශාන්තිකර්මයක් කිරීමට ගිය මේ පුද්ගලයා එම නිවස පිහිටි භූමියේ අඩි හයක් දිග අඩි හතරක් පළල වළක් කපා තිබේ.
ඔහු එම වළට බැසීමෙන් පසු ලෑල්ලක් තබා වසා ඒ මත පස් දමා ගිනි තබන ලෙසත් නිවැසියන්ට පවසා ඇත.
පැය දෙකහමාරකට පසු පස් ලෑලි අතරින් කඩුවක තුඩක් පැමිණි පසු වළ වසා ඇති ලෑලි හා පස් ඉවත් කරන ලෙසත්, එමගින් සියලු දොaෂ දුරුවන බවත් මේ යකැදුරා නිවැසියන්ට කියා තිබේ.
අනතුරුව ශාන්තිකර්මයට සූදානම් කළ මල්, බුලත් සහිත තොවිල් තට්‌ටුව, දුම්මල, කපුරු ඇතුළු පූජා භාණ්‌ඩ ද වළට දැමූ මේ පුද්ගලයා අනතුරුව කඩුවක් ද රැගෙන වළට බැස තිබේ.
නිවැසියන් පැය දෙකහමාරක් ගතවූ පසු වළ තුළින් කඩුවක තුඩක් මතුවෙන තෙක් බලාපොරොත්තුවෙන් සිට ඇත. පැය තුනක් ගතවූ තැන එම නිවැසියන් ශාන්තිකර්මය කළ වළ ආවරණය කර තිබූ පස් සහ ලෑලි ඉවත් කර බැලූ විට ශාන්තිකර්මය සිදුකළ ඉංගී්‍රසි ගුරුවරයා සිහි නැතිව වැටී සිටිනු දැක ඇත.
නිවැසියන් ඔහු වළෙන් ගොඩට ගෙන පිළියන්දල මූලික රෝහලට රැගෙන ගිය ද ඔහු ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පවසයි.
මියගිය ඉංගී්‍රසි ගුරුවරයා ශාන්තිකර්ම 73 වතාවක් සාර්ථකව සිදු කළ අයකු බවද පැවැසේ.
මේ පිළිබඳව පිළියන්දල පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සෝමරත්න විජයමුණි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නන්දසිරි ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ධර්මපාල (15874) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.