ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අවුරුදු 13ක් වයසැති පාසල් සිසුවියක් සමඟ එස්.එම්.එස්. මඟින් ප්‍රේම කළ තරුණයකු දින තුනක් ඇතුළත  රාත්‍රි කාලයේදී එම පාසල් සිසුවිය හෝටල් කාමරයකට ගෙන්වා අපයෝජනය කර ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

 මෙම අපයෝජකයා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක් පමණ වයසැති තරුණයෙකි. දිවයිනේ ප්‍රසිද්ධ සන්නිවේදන මාධ්‍ය ජාලයක් මඟින් හඳුන්වාදී තිබෙන මිතුරු හමුවක් ඔස්සේ තරුණයා ජංගම දුරකතන භාවිත කරමින් එස්.එම්.එස්. මඟින් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇත. මම ප්‍රේම සබඳතාව දින 3ක් පමණක් පැවැති එකක් බව පොලිසිය පවසයි.


 මෙම තරුණයා පසුගිය 12 වැනි දින තලාතුඔය ප්‍රදේශයේ සිට පැමිණ කුරුණෑගල - මහනුවර මාර්ගයේ පවත්වාගෙන ගිය හෝටලයක කාමරයක් ගෙන නේවාසිකව සිට ඇත. පසුව එස්.එම්.එස්. යවා පාසල් සිසුවියද එම ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ. ඇය රාත්‍රි 11ට පමණ තම මවුපියන්ට රහසින් දින තුනේ පෙම්වතා හමුවීමට මල්ලවපිටිය මංසන්ධියට පැමිණ  ඇත. පසුව පෙම්වතාගේ  ඇරියුම  මත එදින රාත්‍රියේ හෝටල් කාමරයේ ලැගුම් ගෙන ඇති පාසල් සිසුවිය එහිදී අපයෝජනයට ලක්වී ඇති  බවට පොලිසිය පවසයි. පසුදා අලුයම පාසල් සිසුවියට ඇගේ නිවෙසට යන ලෙස එස්.එම්.එස්. පෙම්වතා දන්වා සිටියත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා පෙම්වතා උපාය මාර්ගයකින් ඇය මඟහැර පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙසේ අපයෝජනයට ලක්වූ පාසල් සිසුවිය පසුව තම ඥාතියකු මඟින් නිවෙසට මෙය දැන්වූ පසු ඔවුන් කුරුණෑගල පොලිසියට මේ බව පැමිණිලි කොට ඇත.
 කුරුණෑගල  මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන  අංශයේ පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිද්ධිය වූ හෝටලයට ගොස් ලබාගත් තොරතුරු මත තලාතුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සහායෙන් අපයෝජකයා අත්අඩංගුවට  ගෙන ඇත.

 පාසල් සිසුවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කිරීමෙන් පසුව ලද වෛද්‍ය වාර්තාව අනුව පාසල් සිසුවිය අපයෝජනයට ලක්වී ඇති බව පොලිසිය පැවැසීය. කුරුණෑගල මූලස්ථාන පොලිසියේ කාන්තා කාර්යාංශය මඟින් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ එස්.එම්.එස්. පෙම්වතා මෙම මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. සිද්ධිය සම්බන්ධව  කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්