ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පාකිස්තානයේ ආගමික හා සුළු ජාතීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාරවලින් පසුගිය දහඅට මාසය තුළදී 700 දෙනකුට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් මරණයට පත්වී ඇතැයි අන්තර්ජාතික ආගමික නිදහස සඳහා වූ ඇමෙරිකානු කොමිසමේ 2013 වාර්තාවෙන් දැක්වේ.

මෙහි තේරුම එක් දිනකට එක් පුද්ගලයකුට වැඩි සංඛ්‍යාවක් පසුගිය දහඅට මාසය තුළදී මරා දමා ඇති බවයි.
මෙම 700ක මරණ සංඛ්‍යාවෙන් 635 දෙනකු ෂියා ආගමික නිකායට අයත් බව හෙළි වී ඇත. සුන්නි අන්තවාදී සංවිධානවල මූලික ඉලක්කය වී ඇත්තේ ෂියා ජන කොට්ඨාසයයි.

ඇමෙරිකානු රජයේ ද්විපාර්ශ්වික ආයතනයක් වන මෙම කොමිසම විසින් පාකිස්තානය ‘විශේෂ අවධාරණයක් යොමු කළ යුතු රටක්’(Country of Particular Concern) යැයි ශේ්‍රණිගත කිරීම මැනවැයි නිර්දේශ කොට තිබේ.

2002 පටන් මෙම කොමිසම විසින් පාකිස්තානය විශේෂ අවධාරණයක් යොමු කළ යුතු රටක් ලෙස තරාතිරම් ගත කොට ඇති නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ නිර්දේශය අනුව කටයුතු කොට නැත.

පාකිස්තාන රජය කිතුනුවන්, අහමදියන් සහ හින්දුන් ආරක්‍ෂා කිරීම අඛණ්ඩව පැහැර හරිමින් සිටි ආගමික නිදහස උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීමටද පාකිස්තාන බල අධිකාරීන් පියවර නොගන්නා බව පෙනේ. එහි වර්ධනය වෙමින් පවතින ආගමික අන්තවාදය පාකිස්තානයේ ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය මෙන්ම ආගමික හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සෙසු මානව හිමිකම් සුරැකීමට තර්ජනයක් වී තිබේ.
සෙසු මුස්ලිම්වරුන්ට මෙන්ම ආගමික සුළුතරයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරන සටන්කාමීන්ට එරෙහිව පියවර ගැනීමට අකැමැති හෝ නොහැකි බව පාකිස්තාන රජය විසින් ඔප්පු කොට ඇත.

මේ අතර පාකිස්තානයේ හින්දු ආගමිකයන්ට එරෙහිව එල්ල වන කොන්කිරීම් හා ප්‍රහාරද අධික වී තිබේ. පාකිස්තාන හින්දුන්ගේ සුළුතර තරාතිරම නිසා ඔවුහු පැහැරගෙන යනු ලැබීම්, ස්ත්‍රී දූෂණ සහ බාලවයස්කාරයන් සහ හින්දු කාන්තාවන් බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීම් ආදී අපරාධවලට පාත්‍ර වෙති. හින්දුවරුන් විශාල වශයෙන් ජීවත් වන්නේ සින්ද් ප්‍රාන්තයේ සහ බලුකිස්තානයේය.

හින්දුවරු 15 දෙනාත් 20 දෙනාත් අතර සංඛ්‍යාවක් මාස්පතා බලහත්කාරයෙන් පැහැර ගෙන යනු ලැබෙන බව කරච්චි නුවර හින්දු සභාව වාර්තා කොට ඇත. මේ අතර පාකිස්තානයේ මානව හිමිකම් සභාව වාර්තා කොට ඇත්තේ බලහත්කාරයෙන් ආගමට හැරවීමේ සිද්ධිය වැඩි වී ඇති බවයි. හින්දු කාන්තාවන් පැහැර ගෙන යනු ලැබීමේත් ඔවුන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවීමේත් සහ පසුව ඔවුන් බලහත්කාරයෙන් මුස්ලිම් පිරිමින්ට විවාහ කර දීමේත් සිද්ධි එක දිගට වැඩි වී ඇතැයිද කොමිසම් වාර්තාව පෙන්වා දෙයි.

ආසියානු මානව හිමිකම් කොමිසම 2012 දෙසැම්බර් මසදී වාර්තා කළ පරිදි විජන්ති මෙග්වෝර් නමැති 6 හැවිරිදි බාලිකාවක් සින්ද් ප්‍රාන්තයේදී දූෂණය කොට වධ හිංසා පමුණුවා ඇත. එහෙත් පොලිසිය වරදකරුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
හින්දු ආගමික ස්ථානද ප්‍රහාරයට ලක්වී ඇත. 2012 දෙසැම්බර් මසදී පෞද්ගලික දේපොළ වෙළෙන්දෙක් කරච්චි පොලිසියේ හා යුද හමුදාවේ භටයන්ගේද ආධාර සහිතව ශතවර්ෂයකටත් අධික පෞරාණික ශ්‍රී  රාමා පිර් මන්දිර් නමැති හින්දු කෝවිල විනාශ කොට දැම්මේය.
ප්‍රචණ්ඩකාරී සිද්ධි සහ ඒවාට දඬුවම් නොකිරීම මත හින්දු පවුල් 250ක් බලුකිස්තානය හා සින්දි ප්‍රාන්තය හැරදමා ඉන්දියාවට පලා ගොස් ඇතැයි ඇමෙරිකානු නිරීක්‍ෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇත.

රජය විසින් නිල වශයෙන් විවාහ ලියාපදිංචි නොකරන පාකිස්තානයේ විශාලතම ආගමික සුළුතරයද හින්දුන් වේ. විවාහ ලියාපදිංචි කරවාගත නොහැකිකමින් හින්දු කාන්තාවන් බලහත්කාරයෙන් විවාහ කරගනු ලැබීමට පාත්‍ර වන ජන කොට්ඨාසයක් බවට පත්ව ඇත. ඊට හේතුව තම තමන්ගේ විවාහක තරාතිරම ඔප්පු කිරීමට හින්දු කාන්තාවන්ට නොහැකි වීමයි.
මේ අපරාධ සිදුකරන හා ඒවාට අනුබල දෙන දේශපාලනඥයන් හා සෙසු බලවේග පමණක් මෙම අසීරුදායක තත්ත්වයට වගකිව යුතු නැත.
සමාජයේ සෙසු කොටස් මුනිවත රැකීම නිසා රජයද ඒවා ගැන කිසිදු තැකීමක් නොකර සිටී. මේ නිහඬතාව බිඳින තුරු සාහසිකයන් විසින් ජීවිත බිලිගැනීම තවදුරටත් නිදැල්ලේ සිදු වනු ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්