
ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අන්තර්ජාතික ප්‍රජාවගේ මැදිහත්වීමකින් එම බලතල ලබා ගැනීමට කටයුතු කරන බව උතුරු පළාතේ වැඩිම මනාපලාභියා වන එම පළාත් සභාවේ මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත සී.වී. විග්නේශ්වරන් මහතා ‘මව්බිම’ට පැවැසීය.
මෙරට මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ගැටලුව විසදා ගැනීමට උත්සාහ කරන බවත්, ඔවුන් දිගින් - දිගටම අනම්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් තම ජනතාව වෙනුවෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවත් සඳහන් කළ විග්නේශ්වරන් මහතා පළාත් සභාවලට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවද අවධාරණය කෙළේය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මේ බලතල දැනටමත් පළාත් සභාවලට ලබාදී ඇති බව පැවැසූ විග්නේශ්වරන් මහතා එය අහෝසි කිරීමට ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් සිටින බවද සඳහන් කෙළේය.