මහනුවර - අඹකොටේ ප‍්‍රදේශයේ රක්ෂිතයක වව්ලන් මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් අද (29) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෙල්දෙණිය පොලිසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමේදී මෙම පුද්ගලයන් දෙදෙනා මරාදමන ලද වව්ලන් 16 ක් මස් කරමින් සිට ඇති බවයි. මෙම මරාදමන ලද එක් වව්ලෙකු රුපියල් දහසක් වැනි මුදලකට අලෙවි කිරීමට ද සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹකොටේ ප‍්‍රදේශයේම පදිංචි ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙක් වන බවයි පොලිසිය සඳහන් කළේ.
