ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

හෙරොයින් හෝ වෙනත් කිසියම් මත්ද්‍රව්‍යයක් අඩංගු බවට සැකපිට තවත් කන්ටේනර් කිහිපයක්  ශ‍්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇත.
පකිස්තානයෙන් ආනයනය කෙරුණු අර්තාපල් කන්ටේනර් දෙකක්ද ඒ අතර වන බව  රේගු ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම කන්ටේනර්වල මත්ද්‍රව්‍ය අඩංගුදැයි තවමත් තහවුරු වී නොමැත.

පාකිස්‌තානයේ කරච්චි නුවර සිට කොළඹ වරායට ළඟා වී තිබූ අංක සී.ඩී.එච්.යූ. 2829076 හා එස්‌.ඉසෙඩ්.එල්.යූ. 9039562 දරණ මෙම කන්ටේනර් දෙක ආනයනය කරන ලද හිමිකරු විසින් මුදා නොගැනීමේ හේතුව මත වරාය අධිකාරිය මගින් ඉකුත් සතියේ වෙන්දේසි කර ඇත.

වරාය අධිකාරිය මගින් සිදු කළ එම වෙන්දේසියෙදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් එම කන්ටේනර් දෙක මිලදී ගෙන ඇත.


වෙන්දේසි කිරීමේදී කන්ටේනර් දෙකේ අඩංගු අර්තාපල්වලින් මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ සියයට තිහක අල ප්‍රමාණයක්‌ ඉවත් කළ යුතු බවට වරාය බලධාරින් කොන්දේසියක්‌ පනවා තිබූ බවද වරාය ප්‍රකාශකයෙක්‌ පැවසීය.

එසේ තිබියදී එම අර්තාපල් කන්ටේනර් දෙක ලබා ගත් මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා නරක්‌ වූ අල ඉවත් කිරීමක්‌ සිදු නොකොට, දෙවන වෙන්දේසියකට ඉදිරිපත් කරන බව පවසා රැගෙන යැමට සූදානම් වූ මොහොතේ ඒවා වරායෙන් පිට කිරීම අත්හිටුවීමට රේගුව පියවර ගෙන තිබේ.

මේ දිනවල වෙළෙඳ පළේ අර්තාපල් සඳහා හොඳ මිලක්‌ තිබියදීත් ආනයනය කළ අය මෙම කන්ටේනර් දෙක මුදා ගැනීමට ඉදිරිපත් නොවීමත් වෙන්දේසියේදී ඒවා මිලදී ගත් මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා නරක්‌ වූ අල ඉවත් නොකරම කන්ටේර් දෙක රැගෙන යැමට සූදානම්වීමත් හේතුවෙන් මෙම කන්ටේනර් දෙක තුළ මත්කුඩු ඇතැයි යන සැකය මතුවී තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්