එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය කළ ප්‍රකාශයේ කරුණු 06 ක් සම්බන්ධයෙන් සතුටට පත්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලාංකිකයින්ගේ ආගන්තුක සත්කාර, එල්.ටී.ටී.ඊ. සංවිධානය මිනීමරු සංවිධානයක් ලෙස පළමුවරට පිලිගැනීම, උතුරේ ප්‍රතිනිර්මාණ කටයුතුවල තිබෙන සාර්ථකත්වය, එල්.ටී.ටී ඩයස් පෝරාවට තරවටු කිරීම සහ මෙරට තරුණ තරුණියන් ගැන කළ ප්‍රකාශයන් ඉතා වැදගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.
නවනීදන් පිල්ලෙයි මහත්මියට ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු කළ විවාහ යෝජනාවක් පිළිබදව ද මාධ්‍යවේදීන් එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"ඒ ප්‍රකාශය වැරදියි.මම පෞද්ගලිකව කණගාටුව ප්‍රකාශය කරනවා එතුමියට. අපේ සියලු සහෝදර ඇමතිවරුන් වෙනුවෙන්. මොකද මේක මං කියන්ඩ ඕන. මාත් වෘත්තීය සගයෙක් ඔයාලගේ. මගේ මෑණියන්ගේ වයසට වඩා පිල්ලේ මැතිණියගේ වයස අඩුවෙන්නේ අවුරුදු 2කට. මගේ අම්මට කවුරු හරි ඇවිල්ලා විවාහ යෝජනාවක් කළොත් මට මොකද ඇතිවෙන හැගීම. ඒක වැරදියි. ඒක ශීලාචාර නෑ. මම අපේ සමස්ත ඇමති මණ්ඩලය වෙනුවෙන් ඒ ප්‍රකාශය පිළිබදව කණගාටුව ප්‍රකාශ කරනවා. මේ කාන්තා හිංසනයක්. කාන්තා නෙවෙයි ෂෙක්ෂුවල් හැරෙස්මන්ට්. ඉතින් ඒ නිසා ඒක සුදුසු නෑ කියලා කියන එක මගේ පෞද්ගිලික මතය"