ඉඩම් - පොලිස් - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම
ස්‌වයං පාලනයක් ටීඑන්ඒ ඉල්ලයි
ඉඩම්, පොලිස්, සෞඛ්‍ය, අධ්‍යාපන, සම්පත් සහ මූල්‍ය බලතල මෙන්ම ස්‌වයං පාලනයද අවශ්‍ය යෑයි ද්‍රවිඩ ජාතික සන්ධානය (ටීඑන්ඒ) උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රකාශනය එළිදක්‌වමින් සඳහන් කර ඇත.
එසේම උතුර නැගෙනහිර ෆෙඩරල් ක්‍රමය යටතේ ඒකාබද්ධ කළයුතු බවද ද්‍රවිඩ සන්ධානය කියා සිටී.
පෙරේදා (3 දා) සවස යාපනයේදී ප්‍රකාශයට පත්කළ ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශයේ තවදුරටත් මෙලෙස දන්වා ඇත.
වන්නි අවසාන මෙහෙයුමේදී රජය සහ කොටි සංවිධානය මානව හිමිකම් නීතිරීති උල්ලංඝනය කිරීම ගැනස්‌වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට ක්‍රියා කළ යුතුයි.
රඳවාගෙන ඇති සියලුම දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දිය යුතුයි.
අතුරුදන්වූවන්ගේ ළඟම ඥතීන්ට වන්දි ගෙවීමට ක්‍රියාකළ යුතුයි.
රටින් පැන ගිය ද්‍රවිඩයන්ට ආපසු සිය නිවාසවලට පැමිණීමට ඉඩ දිය යුතුයි.
1983 දී හමුදාව උතුරේ ස්‌ථානගතවී සිටි තත්ත්වයට පත්කළ යුතුයි.
මෙම මැතිවරණ ප්‍රකාශනයෙන් ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දක්‌වා ඇත්තේ උතුරු පළාත් සභාව මෙහෙයවන පොලිසියක් අවශ්‍ය බවත් දැනට පවතින පොලිසිය කෙරේ ජනතා විශ්වාසයක් නැති බවත්ය.
එසේම ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රියාදාමය පිළිගැනීමට රජය ක්‍රියාකළ යුතු බවද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා ඇත.
ද්‍රවිඩ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ තවදුරටත් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය ද්‍රවිඩ ප්‍රජාව අතර බෙදාගත යුතු බවයි.