ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දුරකථන ඇමතුමක් මාර්ගයෙන් දැන හඳුනා ගන්නා ලද බළපිටිය කොස්ගොඩ ප්‍රදේශයේ බාලවයස්කාර තරුණියක බැලීමට පැමිණ පළමු දිනයේම එම තරුණිය දූෂණය කළේ යැයි සැකපිට කොස්ගොඩ ‍පොලීසියේ නිලධාරීන් තඹුත්තේගම ‍පොලීසියේ සහය ඇතිව අත්අඩංගුවට ගන්නා ලද අයකු මේ මස එකොළොස් (11) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පෙරේදා (07) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ තඹුත්තේගම පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන බව කියන 21 හැවිරිදි අයෙකි. මීට මාස කීපයකට පමණ පෙර ‘මිස් කෝල්’ එකක් මාර්ගයෙන් දැන හඳුනා ගන්නා ලද අනුරාධපුරය තඹුත්තේගම පදිංචි සිය පෙම්වතා කොස්ගොඩ වතුරවෙල පදිංචි පහළොස් (15) හැවිරිදි පෙම්වතිය බැලීමට කොස්ගොඩ වතුරවෙල පෙම්වතියගේ නිවසට පැමිණ තිබේ.

පෙම්වතිය දුටු පළමු අවස්ථාවේදීම ඇය එතරම් සුරූපී අයකු නොවන බව තේරුම් ගත් පෙම්වතා ටික වේලාවක් කළ කතා බහේදී ඇය බුද්ධිමත් භාවයෙන් අඩු අයකු බවද හඳුනාගෙන තිබේ.
දුප්පත් දෙමාපියන් සිය බෑණාට දෙන්නට දවල් කෑම පිළියෙළ කරද්දී කතාබහේදී හෙළි වූ ආච්චි අම්මාගේ නිවසට දැරිය කැඳවාගෙන ගොස් එහිදී ඇය දූෂණය කර තිබේ. පසුව නිවසට පැමිණි තරුණයා දිවා ආහාරයද නොගෙන පෙරවරු 11.30ට පමණ දැරියගේ නිවසින් පිටව ගොස් තිබේ. එයින් පසු දැරිය සිද්ධිය සිය නැන්දාට ප්‍රකාශ කර එදිනම කොස්ගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොස්ගොඩ ‍පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් තඹුත්තේගමට ගොස් තඹුත්තේගම ‍පොලීසියේද සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මේ මස 11 වන දින බන්ධනාගාරය මගින් බළපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිත බව කොස්ගොඩ ‍පොලීසිය කියයි.
කොස්ගොඩ ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ලාල් උඩුගමගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ උප ‍පොලිස් පරීක්ෂක සොයිසා, කාන්තා ‍පොලිස් පරීක්ෂක නිරෝෂනී, තඹුත්තේගම ‍පොලීසියේ ‍පොලිස් කොස්තාපල් සුනිල් යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජයකාන්ත ලියනගේ - බළපිටිය

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්