ඉරිදා (01) පස්වරුවේ පිළියන්දල-එගොඩවත්ත ප්‍රදේශයේ දී එකම පවුලක කුඩා දරු දෙදෙනෙකු කෙසෙල් කොටයක ආධාරයෙන් ඔරු පැදීමට ගොස් බෝක්කු වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පිළියන්දල - ජාලියගොඩ සිට කැස්බෑව දක්වා අලූතින් ඉදිකෙරෙන මාර්ගයේ බෝක්කුවක් ඉදිකිරීම සඳහා හාරා තිබූ වලකට මෙම කුඩා දරුවන් දෙදෙනා වැටී ඇත.
සිය මව සමඟ උපකාරක පන්තියට සහභාගි වී සිය ඥාති නිවසකට මෙම දරුවන් දෙදෙනා පැමිණ තිබේ. ඉන් අනතුරුව කුඩා දරුවන් දෙදෙනා කෙසෙල් කොටයක් ආධාරයෙන් බෝක්කුව ඉදිකිරීම සඳහා සකස් කර තිබූ වළේ ඔරු පැදීමට ගොස් ඇත.
එහිදී ඔවුන් දෙදෙනා එම වළට වැටී මඩෙහි එරී ජීවිතක්ෂයට පත්වී ඇති බව පිළියන්දල පොලීසිය සදහන් කරයි.
දරුවන්ගේ මෘත ශරීර මේවන විට පිළියන්දල රෝහලේ තබා ඇති බව පොලීසිය පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාකන්දන ශ‍්‍රී සුදර්ශන විදුහලේ ඉගෙනුම ලැබූ, එකම පවුලේ නව හැවිරිදි කවිඳු හෂ්මිර නමැති පිරිමි දරුවෙකු සහ හත් හැවිරිදි කවිනි නිවර්තනා නමැති දැරියකි.