ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගෘහ සේවිකාවක් ලෙස ක්වේට් රටේ රැකියාවට ගිය එක් දරු මවක් එම රටේ දී හදිසි අනතුරකට ලක් වී බරපතල තුවාල ලබා සිහිසුන්ව මෙරටට එවීමේ දුක්මුසු පුවතක් ගාල්ල කලේගාන ප‍්‍රදේශයෙන් වාර්ථාවේ. ඇය ගාල්ල කලේගාන, නො 54/01 සපුමල් පෙදෙස ලිපිනයේ පදිංවි රෙණුකා ප‍්‍රියන්ති‍්‍ර විරසේකර (36) නැමැති එක් දරු මවකි. ඇගේ තොරතුරු සොයා ඉකුත් දිනක අපි ඇගේ නිවසට ගොඩ වැදුනෙමු. මේ මව තවමත් සිහිසුන්ව ඇඳක් මත වැතිරී සිටින්නිය. මෙකි අනතුරට ලක්විමෙන් පසු ඇය දැනට මාස හතරකට අධික කාලයක සිට සිහිසුන්ව සිටින්නීය.
තම බිරිඳට වු මේ සිද්ධිය නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ ඇගේ සැමියා වන නිශාන්ත නීල් පි‍්‍රයන්තය. ඔහු යුධ හමුදාවේ අබාධිත සෙබලෙකි. ගහක් ගලක් වගේ හිටපු තම බිරිඳට වු මේ විපත නිශාන්තට දරාගත නොහැකිය. ඔහු මාත් සමග කථාබහට වැටුණේය.
රේණුකා දෙවැනි වතාවට තමයි ක්වේට් රටේ රැකියාවට ගියේ. ඒ 2010. 09. 24 වැනි දින. අපට ආරංවි වු විදියට ඇය


අනතුරට ලක්වෙලා තියෙන්නේ 2013. 04. 16 වැනි දින. එදින ඇය ගෙදරට මුදල් එවන්න සල්මයා නගරයේ බැංකුවකට ගිහින් තියෙනවා. ඒ එන අතරේ තමයි කාර් රථයක හැපිමෙන් මෙම අනතුර වෙලා තියෙන්නේ. මේ අනතුර වෙන්න කලින් රේණුකා මාත් සමග දුරකථනයෙන් කථා කළා. පවුලේ සියළු දෙනා සමගත් කථා කළා. මුදල් එවන බවත්, අංකය පස්සේ දැනුම් දෙන බවත් කිවා. අපේ‍්‍රල් මස 18 වැනි දින දැන ගත්තා බිරිඳ අනතුරකට ලක්වෙලා කුවේට් රටේ රෝහලක ප‍්‍රථිකාර ලබන බව. ඒ රටේ අපේ ඥාති අක්කා කෙනෙක් පදිංවිව ඉන්නවා. ඇය රෝහලට ගිහින් බිරිඳ බලලා අපට දැනුම් දුන්නා බිරිඳට සිහිය නැහැ කියලා.
මාස තුනක් විතර බලන් හිටියා. නමුත් බිරිඳට සිහිය ආවෙ නැහැ. පස්සේ බිරිඳ මේරටට ගෙන්වා දෙන්න කියලා ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට, ඩිලාන් පෙරේරා ඇමැතිතුමාට ලිව්වා. රන්ජන් රාමනායක මන්ති‍්‍රතුමාට කථා කරලා කීවා. ඒ අයගේ මැදිහත් වීමෙන් තමයි බිරිඳ මේ අවුරුද්දේ ජූලි මස 20 වැනි දින මෙරටට ගෙනාවේ. ඇයට සිහිය තිබුණේ නැහැ. පස්සේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළා. ජාතික රෝහලෙන් කරාපිටිය

රෝහලට මාරු කළා. කරාපිටිය රෝහලේ දින 11ක් හිටියා. බිරිඳගේ මොළයට තූවාල වෙලා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. සමහරවිට කාලයක් යනවිට සිහිය එන්න පුළුවන් බවත් වෛද්‍යවරු කියනවා.
බිරිඳ මෙරටට රැගෙන එනවිට ඇය සතුව තිබුණේ ඇඳිවත පමණයි. කනේ කරේ තිබුණු රන් හාණ්ඩ කිසිවක් ලැබුණේ නැහැ. මෙයා අනතුරට ලක්වන විට මෙයාගේ බෑගයේ මුදල් තිබිල තියෙනවා. නමුත් ශත පහක්වත් අපට ලැබුණේ නැහැ. රක්‍ෂණ වන්දි ගන්න බැරිලු. අවුරුදු දෙකකට රක්‍ෂණය කරලා තිබුණු නිසා. ඒ කාලය ඉවර නිසා ගෙවිම් කරන්න බැරි බව තමයි කියන්නේ. මේ ගැන විදේශ නියුක්ති කාර්යංශයට කිවා. ඒ අය කියනවා බිරිඳ මෙරටට ගේන්න දාසය ලක්‍ෂ තිස්අට දහසක් වැය වුණා කියලා. මේ නිසා වෙන කරන්න දෙයක් නැතිලු.
මම ආබාධිත රණවිරුවෙක්. දැන් මම විශ‍්‍රාම ගිහින් ඉන්නේ. විශ‍්‍රාම වැටුප හැදෙන්න තව මාස තුනක් හතරක් යනවා. බිරිඳගේ බෙහෙත්වලට දිනකට රුපියල් තුන්දහසක් විතර යනවා. දිනකට කිරි එකක් දෙන්න ඕනේ. ඒ සදහා රුපියල් 2200ක් යනවා. මේ කටයුතු කරගෙන යන්නේ ඉතා අපහසුවෙන්. මේ සඳහා දානපතියෙක් උදව් කරනවා නම් විශාල පිනක්.
බිරිඳ ලංකාවට එන්න හිටියේ අපේ‍්‍රල් මාසයේ 21 වැනිදා. නමුත් ඇය 16 වැනිදා අනතුරට ලක්වෙනවා. නිශාන්ත ඉකිබිදිමින් කීවේය. නිශාන්තගේ එකම දියණිය වන සිතාරා දේශානි (14) ගාල්ල රිපන් බලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නිය. තම මවට වු විපත ඇයට දරාගැනිමට නොහැකිය. මවට යලි සිහිය ලැබෙනතෙක් මේ දියණියත් , පියාත් ඇඟිලි ගනිමින් බලා සිටිති.

ජිනේෂ් නානායක්කාර (ගාල්ල)-2013 සැප්තැම්බර් 02

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්