එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් සිදුකළ ප්‍රකාශය තුලනාත්මක බවත් මීට පෙර මෙන් ඇය යුද අපරාධ චෝදනා මන්ත්‍රය ජපකර නැති බවත් හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
මානව හිමිකම් කොමසාරිස්වරියගේ සතියක ශ්‍රී ලංකා සංචාරය අවසානයේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය දැක්වූ අදහස් සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ආචාර්ය දයාන් ජයතිලක මහතා මේ බව පැවසීය.
මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයට අනූව එල්.ටි.ටී.ඊ සංවිධානය කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඊට කිසිදු සහයක් ලැබෙන්නේ නෑ, නීලන් තිරුචෙල්වම් මැරුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය යනුවෙන්ද ඇය අවධාරණය කර ඇති බව දයාන් ජයතිලක මහතා කීය.
නවි පිල්ලේ විසින් එල්.ටී.ටී.ඊය සම්බන්ධයෙන් දරුණු විවේචනයක් කර ඇති බව හුඟ දෙනෙක් අමතක කරන කාරණයක් බැව් ද හෙතෙම පෙන්වාදුන්නේය.
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම, ඇයට විවිධ ප්‍රදේශවල සංචාරය කර දැක බලා ගැනීමට අවස්ථාව ලබාදීම ශ්‍රී ලංකා රජයේ විවෘත භාවය ප්‍රදර්ශනය කිරීමක් බැව් දයාන් ජයතිලක මහතා පැවසීය.
කෙසේ හෝ පිල්ලේ මහත්මිය මෙරට සංචාරයෙන් ලබාගත් අත්දැකීම් අනූව රජය ප්‍රඥාගෝචර නම් කළ යුත්තේ ඇය කී දෑවලට පිළිතුරු දීම බව ජයතිලක මහතා කියා සිටියේය.
පිල්ලේ මහත්මිය පුවත්පත් සාකච්ඡාවේදී පැවසූ ආකාරයට, එකඟ විය හැකි කරුණුවලට එකඟ වීමටත්, ප්‍රතික්ෂේප කරන දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතු දැක්වීමටත් ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බව දයාන් ජයතිලක මහතා කීය.
ඇයගේ කරුණුවලට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකා රජය ඒවා සියල්ල සහමුලින්ම ප්‍රතික්ෂේප කළොත් මානව හිමිකම් කවුන්සිලයේවත් මුළු ලෝකයෙවත් පිළිගැනීමට ලක්නොවනු ඇතැයි ද හෙතෙම පෙන්වාදුන්නේය.
නවි පිල්ලේ මහත්මිය ඉස්සර වගේ යුද අපරාධ, යුද අපරාධ යන මන්ත්‍රය ජප කර නැති බවත් යුද අපරාධ ගැන කොමිසමක් ඕනෑ යන ප්‍රකාශය ගැන සඳහනක් කර නැති බවත් දයාන් ජයතිලක මහතා කීය.
ඒ අනුව ඇය පවසා ඇත්තේ සිදූවූ බව කියන අපරාධ සම්බන්ධයෙන් දේශීය වශයෙන් සිදුකරන පරීක්ෂණයකට අවශ්‍ය නම් මානව හිමිකම් කොමිසමේ සහය දෙන බව යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
එවැනි පරීක්ෂණයක් නොකරන්නේ නම් ශ්‍රී ලංකා රජයේ සටන් පාඨ ජාත්‍යන්තර වශයෙන් වලංගු නැති බැවින් පිල්ලේ මහත්මිය පැවසූ ආකාරයට මෙරටට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයකට නම්‍යශීලි භාවයක් ඇති බව අචාර්ය දයාන් ජයතිලක මහතා ද අවධාරණය කළේය.
ඒ අනුව ලංකාණ්ඩුවට අද සිට මාර්තු මාසය දක්වා කල් ඇති බැවින් අධිකරණ ක්‍රියාවලිය තුළින්, එල්.එල්.ආර්.සී. වාර්තාවෙන් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම යහපත් බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේදී 2014 සම්මත නොවීමට එය ප්‍රමාණවත් වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
කෙසේ වෙතත් නවනීදන් පිල්ලෙයි මහත්මියගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධ වන මාධ්‍යයක් සැකසීම බව අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා කීවේය.
අපිට ඉදිරිපත් කළ හැකි සියලු කරුණු ඉදිරිපත් කර ඇති බැවින්ද අවශ්‍ය සියලූ දෑ එතුමියට පෙන්වූ බැවින්ද සිරියාව, ඉරානය වැනි රටවලට එරෙහිව එල්ල කරන චෝදනා ඇයට අපේ රටට එල්ල කළ නොහැකි බව හෙතෙම පැවසීය.
කෙසේ හෝ මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බැව් කී ඇය දැන් ශ්‍රී ලංකාව තුළම පරීක්ෂණයක් කළ යුතු ආකාරයක් පවසා ඇතැයිද ගෝමින් දයාශ්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම වෙත මේ මාසයේදී වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ලබන මාර්තු මාසයේ දී ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් ද ඉදිරිපත් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා රජයට එම කාලය තුළ කළ හැකි කාර්යයන් රැසක් පවතින බව දයාන් ජයතිලක සහ ගෝමින් දයාශ්‍රී යන මහත්වරු වැඩිදුරටත් පෙන්වාදුන්හ.
මේ අතර රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ බී.බී.සි. ලෝක සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ නවනීදන් පිල්ලෙයි මහත්මියගේ ක්‍රියාකලාපය රජය පෙර සිටම දැන සිටි බවයි.