වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සදහා තරග වදින අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුව කිසියම් පිරිසක් විසින් කඩුවලින් කපා තුවාල සිදු කර ඇති බව හලාවත පොලීසිය කියයි. තුවාලකරු වන ආරච්චිකට්ටුව - අඩිප්පල පදිංචි සුදුහෙට්ටි මුදියන්සේලාගේ සෙනවිරත්න හෙවෙත් සේන (47) යන අය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. සෙනසුරාදා (31) දින රාත්‍රීයේ හලාවත - කුමාරකට්ටුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත. තම හිතවත් අපේක්ෂයෙකුට අයත් මැතිවරණ පෝස්ටර් අලවමින් සිටින විට යතුරු පැදිවලින් පැමිණි පිරිසක් තමන්ට කඩු වලින් පහර දුන් බවත තුවාලකරු පොලීසියට පවසා ඇත.තමන්ට පහර දුන් පිරිස අතර පස් දෙනෙකු සිටි බවත්,ඉන් තිදෙනෙකුව හදුනාගත් බවත් තුවාලකරු වැඩිදුරටත් පවසා ඇත.
තුවාල ලබා රෝහල් ගත කර සිටින අයගේ අත් දෙකෙහිම බරපතල කැපුම් තුවාල ඇති බව හලාවත මහා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
සැකකරුවන් අත්අඩංගුවටගෙන නැත.
හලාවත පොලසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
