පෞද්ගලික බස් රථවල කොන්දොස්තර තනතුර සඳහා කාන්තාවන්ට ද අවස්ථාව සලසාදීමට උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
කොන්දොස්තරවරියක වශයෙන් සේවය කිරීම සඳහා 48 හැවිරිදි කාන්තාවක් විසින් සිදුකර ඇති ඉල්ලීමකට අනුව අද(23) උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව හොරොව්පතාන සිට වාහල්කඩ දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා වශයෙන් සේවය කිරීම සඳහා ඇයට තාවකාලික බලපත්‍රයක් හිමිව තිබේ.
මෙම අවස්ථාවට එක්වු උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි අයි.ජි.ඒ.කරුණාබණ්ඩාර මහතා පැවසුවේ උතුරු මැද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ද අනුමැතිය සහිතව කොන්දොස්තර තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.
කොන්දොස්තර තනතුර සඳහා ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද පියවර ගන්නා බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.