බස් රථයක ගමන් කරමින් සිටියදී කාන්තාවක් තමන්ට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට කනේ පහරක් එල්ල කළ පසුව අදාළ පුද්ගලයා බස් රථයෙන් ඉවතට පැන පලා ගොස් තිබේ. ඔහුව ගලගෙදර පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර බස්රථයෙන් පනින විට සිදු වූ සීරීම් තුවාලවලට ප‍්‍රතිකාර කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ මංගල උත්සවයකට සහභාගී විමට සැමියා සහ ලේලිය සමඟින් අදාළ කාන්තාව පෞද්ගලික බස් රථයකට නැඟ තිබේ. එවිට සැකකරු ඇගේ ළැම ප‍්‍රදේශය ස්පර්ශ කරමින් ලිංගික අතවර කිරීම නිසා ඇය විසින් සැකකරුට කනේ පහරක් එල්ල කර ඇත.
