ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


පාසල් සිසුවියන් හතර දෙනෙක් අපයෝජනයට ලක් කරලා තියෙනවා. මෙවැනි බරපතළ දෙයක් සිදුවෙලා තියෙද්දිත් පොලිසිය මේ දේවල් ඇයි සුළුවෙන් සලකන්නේ? කෝ විමර්ශනවල ප්‍රගතිය? තවමත් කිසිම වාර්තාවක් නෑ. මෙහෙමද පොලිසිය රාජකාරි කරන්නෙ?'


මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය එසේ ප්‍රකාශ කෙළේ අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකු කොළඹට රැගෙන විත් හෝටල් කාමරයකට ගෙන ගොස් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කළ බවට එම පාසලේම ගුරුවරයකුට විරුද්ධව බියගම පොලිසිය මඟින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (23දා) විභාගයට ගත් අවස්ථාවේදීය.


සැකකරු එම පාසලේම තවත් සිසුවියන් දෙදෙනකුටද මෙවැනිම බරපතළ ලිංගික අපයෝජනයන් කළ බවට ගල්නෑව පොලිසිය මඟිින් පවරා ඇති නඩුවක් කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේද පවතින බව හෙළිවේ.

සැකකරු ළඟ තිබී බියගම පොලිසිය සොයා ගත් ලැප්ටොප් පරිගණකයේ ඇති දැරියන්ගේ නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් ලබා ගැනීම සඳහා එම පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශ්ලේෂණ අංශයට යොමු කර ඇතත් එහි අඩංගු තොරතුරු වාර්තාව මෙතෙක් ලැබී නැති බව බියගම පොලිසිය අධිකරණයට දැන්වීය.

ක්‍රීඩා යෝග්‍යතා සහතික ලබා ගැනීමට බව පවසා පසුගිය ජූලි 29 වැනි දින අනුරාධපුරයේ සිට ශිෂ්‍යාවන් දෙදෙනා කොළඹට රැගෙනවිත් ඇති බවත් පසුව වඩුවේගම ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් එහි කාමරයක් තුළදී වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට බව පවසා ශිෂ්‍යාවන් දෙදෙනා වෙන වෙනම ගෙන බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ලිංගික තෘප්තියක් ලබාගෙන ඇති බවටත් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය සැකකාර ගුරුවරයා ඔක්තෝබර් 7 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළාය.

විත්තිය වෙනුවෙන් නීතිඥ සමන් විතානආරච්චි මහතා පෙනී සිටියේය.
බියගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. කවිරත්න මහතා සහ පොලිස් පරීක්ෂක ගරුසිංහ මහතා නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්