ගැහැනු දරුවන් තිදෙනකුගේ පියෙකු වන හැට අට හැවිරිදි අයෙකු කිසිදු හේතුවක් නොමැතිව තමන්ට සෙවණ දුන් අනෝදා ගසක එල්ලී සියදිවිනසා ගැනීමේ සිද්ධියක් පිළිබඳ කරුණු අනාවරණය වේ.
කන්තලේ හදිසි මරණ පරීක්ෂක නාමල් උදයකුමාර මහතා විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිය, දුව හා මුනුබුරකු විසින් සාක්ෂි ලබාදුන් අතර එහිදී අනාවරණය වූයේ මෙවැන්නකි.
මියගොස් ඇත්තේ කන්තලේ ගංතලාව යුනිට් 12 ප්‍රදේශයේ පදිංචි ජයසූරිය ආරච්චිගේ සෝමරත්න (68) නමැත්තෙකි. නිතර යම් යම් අසනීවලට ගොදුරුවූ මියගිය අය තමන්ගේ දිනපතා ශරීරකෘත්‍ය කටයුතුවලට එළියට යෑම් ඊම් ආදී කටයුතු පහසු කර ගැනීම ස¼දහා නිවෙස ඉදිරිපිට ඇති අනෝදා ගසක් යට තම ඇඳ පුටු තබාගෙන දිවා රාත්‍රි කාලයේ ගතකොට ඇත. මීට ප්‍රථම දෙවතාවක් සියදිවි නසා ගැනීමට තැත්කොට ඇති අතර ඊට කිසිදු ප්‍රබල හේතුවක් නොවූ බව මියගිය අයගේ බිරිය පවසයි. මීට සතියකට පමණ කලින් තම මුනුබුරකුට කියා කඩෙන් තංගුස් ලණුවක් ගෙන්වා ගෙන එය ගසේ අත්තක බැඳදෙන ලෙස පවසා ඇත්තේ තමන්ට ඇඳෙන් නැඟිටීමට ආධාරයක් ලෙස ප්‍රයෝජනයට ගතහැකි බව පවසමිනි.
සිද්ධිය වූ දින බිරිය උදෑසන 7ට පමණ සුපුරුදු කුලී වැඩ සඳහා ගොස් ඇති අතර අෑ යනවිට උදේ ආහාරයද, තේද ළඟින් තබා ගොස් ඇත. පෙරවරු 10ට පමණ මුනුබුරා සීයා බලන්නට පැමිණ ඇති අතර එම අවස්ථාවේ සීයා මෙලෙස බෙල්ලට ලණුව දමා මියගොස් සිටින අයුරු දැක ඇත. කන්තලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සංජීව කුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.