පාසල් සිසුවියක් සමග ලිංගික ක්‍රියාලියේ යෙදීම සඳහා චීවරධාරී හිමිනමකට නවාතැන් ලබාදුන් බවට චෝදනා ලැබූ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට ලබන වසරේ මැයි මස 05 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නොතීසි නිකුත් කළේය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 උපකාරක දුරකථන ඒකකයට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය, අංක 1330 ආලංකුලම හන්දිය, ශ්‍රාවස්තිපුර ලිපිනයේ පවතවාගෙන යන රිලැක්ස් හෝටලය වැටලූ අවස්ථාවේ එහි කාමරයක 19 හැවිරිදි චීවරධාරියෙකු වයස අවුරුදු 16 මාස 09ක්

වයසැති පාසල් දැරියක් සමග සිටිද්දී පොලිස් භාරයට පත්වී ඇත. මෙම චීවරධාරියා පාසල් සිසුවිය සමග වසරක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ. ඇය සමග හෝටල් කාමරයේ සිටි චීවරධාරියා කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල මිදිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන චීවරධාරියෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත. රුපියල් 800ක මුදලකට හෝටල් කාමරයක් ලබාදී සමාජ විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර අනුබල දුන් බවටත්, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලීසියට නොදන්වා තම වගකීම පැහැර හැරී බවටත් චෝදනා ලැබූ ලොකුවිටගේ ධනුෂ්ක සංජීව නැමැත්තාට ලබන වසරේ මැයි මස 05 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා ශ්‍යාමලී දිසානායක මහත්මියගේ උපදෙස් මත පොලිස් සැරයන් 20566 සෝමරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.