ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මිනිපේ මොරයාය 2 කණුව ප‍්‍රදේශයේදි අද උදෑසන වැලි ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් හා ත‍්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් තී‍්‍රරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයන් අතරින් දෙදෙනෙකු පොලිස් නිළධාරීන් වේ. අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයන් තිදෙනාම මිනිපේ මොරයාය ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වන විටත් එක් පුද්ගලයෙක් මියගොස් සිට ඇති අතර පොලිස් නිළධාරින් දෙදෙනා මොරයාය ප‍්‍රදේශීය රෝහලින් මහියංගණ මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගොස් ඇත. අනතුරින් පසු වැලි ලොරියේ රියදුරා හසලක පොලිසියට බාරවී ඇති අතර අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසිය පරික්‍ෂණ පවත්වයි.


ත්‍රීවිල් රථයක් වැලි ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් සඳුදා (02) උදේ මරුමුවට පත් වී තිබේ. ඒ, රන්දෙනිගල මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 6 කණුව අසලදී ය. අනතුරින් මරුමුවට පත් වී ඇත්තේ එකම ගමේ මිතුරන් තිදෙනෙකි. මහියංගනය පොලිසියේ සේවයේ නියුතු රත්නායක මුදියන්සේලාගේ චන්දන පුෂ්පකුමාර (37) යාපනය පොලිසියේ සේවයේ නියුතු වසන්ත සඳරුවන් කුලසිරි (41) සහ ජයතිලක (40) යන තිදෙනා අනතුරින් මරුමුවට පත් වී තිබේ.
මහියංගනය 5 කණුව හඳඟනාව ගමේ පදිංචිකරුවන් වන මොවුන් තිදෙනා මහියංගනය නගරයට යාම සඳහා අද උදේ පිටත් වී ඇත්තේ පො.කො. චන්දන පුෂ්පකුමාරට අයත් ත්‍රීරෝද රියෙනි. යාපනය පොලිසියේ සේවය කරන වසන්ත සඳරුවන් නිවාඩුවට නිවසට පැමිණ සිට ඇති අතර ඔහු සහ ජයතිලක මහියංගනය නගරයට යාම සඳහා චන්දනගේ ත්‍රීරෝද රථයට නැග තිබේ.
වැලි ලොරිය රියදුරා හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරා පවසන්නේ තමන් රන්දෙනිගල, රජමාවත හරහා මහනුවර දක්වා වැලි ලොරිය ධාවනය කරමින් සිටි බවයි.
උදෑසන 8 ට පමණ මහියංගන මාර්ගයේ කි.මී.6 කණුව ආසන්නයේදී මාර්ගය අයිනෙන් ලොරිය ධාවනය කරමින් තිබියදී ඉදිරියෙන් අධික වේගයෙන් පැමිණි ත්‍රීවිල් රථයක් ධාවන මං තීරුවෙන් පිට පැන ලොරි රථයේ මුහුණට මුහුණ වැදුණ බවයි. ලොරියේ රියදුරා සඳුදා (02) සවස මහියංගනය උසාවිය හමුවට පමුණු වීමට නියමිතය.

මහේෂ් බණ්ඩාර (මහියංගනය)
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්