ඔහු පස් කපන යන්ත්‍රයක වැඩකරන අවුරුදු විසිපහක පමණ තරුණයෙකි. දිනක් නිවෙසක වැසිකිළි වළක් කපමින් සිටියදී අසල නිවෙසක කාන්තාවක් දිය නාන අයුරු දැක ඇය ගැන සිතක් පහළ වී ඇත.
මෙම කාන්තාව අවුරුදු හතළිස්පහක් පමණ වූ අයෙකි. අර තරුණයා මැය පසුපස කීප දිනක් පැමිණ දුරකතන අංකයද ලබාදී ඇත. මෙම තරුණයා පිළිබඳ අර කාන්තාවගේ සිතෙත් අදහසක් තිබී ඇතත් එය ඔහුට කෙළින්ම පවසා නැත. පසුව කෙසේ හෝ දුරකතන ඇමතුම් මඟින් අදහස් හුවමාරු කරගෙන තහනම් ගහේ ගෙඩි කෑමට පටන්ගෙන ඇත.
සමාජයේ තරමක් පිළිගත් පුද්ගලයකු වන ඇයගේ සැමියාටද මේ පිළිබඳ දැනගන්නට ලැබී ඇයගෙන් කිහිප වරක්ම විමසා ඇතත් ඇය එවැන්නක් නොමැති බව පවසා ඇත. එවැන්නක් ඇත්නම් වහාම නවතා දමන ලෙසත් කටකතා නිසා තමාට සමාජයට මුහුණ දීමට නොහැකි වී ඇති බවත් සැමියා පවසා තිබේ.
නමුත් අර කාන්තාව මෙම සම්බන්ධය හොර රහසේම දිගටම පවත්වාගෙන ගොස් ඇත. පසුගිය දිනෙක නිවෙසේ කිසිවෙක් නැති අවස්ථාවක මෙම කාන්තාව අර තරුණයා නිවෙසට ගෙන්වා ගෙන සුව විඳින අවස්ථාවක හදිසියේ නිවෙසට පැමිණි සැමියාට මෙම සම්බන්ධය අතටම හසුවිය.
මෙයින් දැඩි කලකිරීමට පත් සැමියා මේ දෙදෙනාටම කිසිවක් නොකියා නිවෙසින් පිටව ගොස් තිබේ. වෙනදා මෙන් සවසට පියා එනතෙක් දරුවන් බලා සිටියත් ඔහු නිවෙසට පැමිණ නැත. නමුත් රාත්‍රි කාලයේ නිවෙසට පණිවුඩයක් ලැබී ඇත. ඉන් කියැවී ඇත්තේ අධික ලෙස බීමත්ව යතුරුපැදිය ධාවනය කරද්දී ඔහු
හෙළකට වැටී මියගොස් ඇති බවයි. අවසානයේ බිරියගේ අනියම් ඇසුරෙන් ලද සිත් තැවුල මකා ගැනීමට ඔහු ඇසුරු කළ සුරා යකා ඔහුගේ ජීවිතයද රැගෙන ගොස් තිබිණි.
