ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රත්නපුර, ඇලපාත පාරේ හංගමුව හන්දියේ පිහිටි වෙළෙඳසැලක් තුළ තිබී මළ සිරුරු දෙකක් සිකුරාදා (30) දහවල් රත්නපුර පොලිසිය විසින් සොයා ගෙන ඇත. මෙම සිරුරු අඹුසැමි යුවළකගේ යැයි විශ්වාස කෙරේ. මළ සිරුරු තිබූ ගොඩනැගිල්ල කාමර දෙකකින් යුක්ත බවත්, එක් කාමරයක වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබෙන බවත් වාර්තා වේ. මියගොස් සිටි පුරුෂයා 69 හැවිරිදි පද්මසිංහ නැමැති අය බව පැවසේ. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මෙම යුවළට දරුවන් නැතැයි කියති. මීට දින දෙකකට පමණ පෙර මෙම ද්විත්ව මරණ සිදුවී ඇතැයි සැක කෙරේ. පොලු පහර දී මෙම අඹුසැමි යුවළ ඝාතනය කරන්නට ඇතැයි තහවුරු නොවූ ආරංචි මාර්ග කියයි.

මෙම වෙළෙඳසල හංගමුව හන්දියේ පිහිටා තිබෙන නිසා දින දෙකක් තිස්සේ වෙළෙඳසල වසා තිබීම ගැන පාරිභෝගිකයින් විපරම් කර තිබේ. පිටුපස කාමරයේ කවුළුවකින් බලන විට අඹුසැමි යුවළගේ සිරුරු තිබෙනු දැක රත්නපුර පොලිසියට අසල්වාසීන් විසින් දැනුම් දී ඇත. මේ වනවිට සිද්ධිය වූ ස්ථානයට රත්නපුර පොලිසියේ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් පැමිණ ආරක්ෂාව සපයා ඇත. රත්නපුර මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිතය. මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිරුරු රත්නපුර මහ රෝහල වෙත රැගෙන ගොස් වැඩිදුර පරික්ෂණ සිදු කරන බව රත්නපුර පොලිසිය කියයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්