විදේශීය විශ්වවිද්‍යාල ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ලබන වසරේදී රට පුරා නිදහස් අධ්‍යාපන කලාප පිහිටුවීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. 2014 වසරේ අය වැයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානමින් සිටී. ගම්පහ, පුත්තලම, කිලිනොච්චිය, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙම අධ්‍යාපන කලාප පිහිටුවනු ඇත. මෙම කලාප තුළ අක්කර සියයක පමණ භූමියක විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා වෙන් කෙරේ. ඒ අනුව පුද්ගලික අංශයේ ආයෝජන අධ්‍යාපන ක්‍ෂේත්‍රයට වැඩි වශයෙන් දායක කර ගැනීමට අපේක්ෂිතය.
සංජය නල්ලපෙරුම
