ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොළඹ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු පානීය ජල ගැටලුවට විසඳුමක් අපේක්ෂාවෙන් තමන් වහන්සේ විසින් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කළ බව වැලිවේරිය ගල්ඔළුව සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පවසති.

වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ආන්දෝලනයට තුඩුදුන් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින් තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඊයේ සවස උපවාසයක් ඇරඹීය.

උන්වහන්සේට සහය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානය අවට රැඳී සිටියහ.

මෙම කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමට විරෝධය පළකරමින් ගම්වාසීන් ඊයේ පස්වරුවේ සිට උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී.


ඒ අනුව ඊයේ පස්වරුවේ සිට ප්‍රදේශයට පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද ආරක්ෂාව සඳහා කැඳවා තිබුණි.

මේ හේතුවෙන් කර්මාන්ත ශාලාව තුළ සේවය කරමින් සිටි සේවකයින් 300 ට අධික පිරිසක් එහි සිරවී සිටින බවද වාර්තා විය.

කෙසේ වෙතත් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු සිය උපවාසය නතර කළ බව සිරිධම්ම හිමියන් පැවසීය.

එසේම ආන්දෝලනයට තුඩු දුන් වෙනිග්‍රෝස් කම්හල සම්බන්ධයෙන් කමිටු වර්තා ලැබෙන තුරු එය වසා තැබීමටත්, නඩත්තු කටයුතු සඳහා පමණක් පිරිසකට එහි සේවය කිරීමටත්, තවද ගම්වැසියන් පිරිසකට කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයට ඉඩදීමටත් අද පැවැති සාකච්ඡාවේදී එකඟවී ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්